ඇන්ජලිනා නැවතත් මව් පදවියට
හොලිවුඩයේ සිටින නිළියන් අතුරින් කුඩා ළමුන්ට බෙහෙවින් ආදරය කරන නිළියක් ලෙස ප්රකටව සිටින කෙනෙක් තමයි ඇන්ජලිනා ජොලි.ඇය කෙතරම් කුඩා දරුවන්ට ඇලුම් කරනවාද කියනවා නම් ඇය රට රටවල් හී ඇවිද ඔවුන්ගේ අයිතින් වෙනුවෙන් හඩක් නැගුවේ ලාබ ප්රයෝජන නොතකායි.තමන්ගේ කුසින් නොවැදුවත් කුඩා ළමුන් කිහිපදෙනෙකුගේම මවක් වී සිටින්නේ ඇය තුළ වු අතිමහත් දරු සෙනෙහස නිසාවෙනි.අන් අයගෙන් කිසි හව් හරණක් නොලඳ කුඩා දරුවන්ට මවක වු ඇය මෙවර තමන්ගේම දරුවෙකු වෙනුවෙන් මවක් වීමට සුදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා.
ඇය මෑතකදී රඟපෑ ‘මේල් ෆිසන්ට්’ නම් වූ අලුත්ම චිත්රපටයේ රූපගත කිරීම් සිදුවෙද්දීයි, මේ ආරංචිය ලැව් ගින්නක් ලෙසින් පැතිරී ගොස් තිබුණා.මේ දිනවල ඇය ගැබිනි මවක් වන නිසාවෙන් ඇය නිතරම අසනිප ගතිවන බවටයි වැඩිදුරටත් ආරංචි වන්නේ.ඇගේ ළගම හිතවතුන් පවසන අන්දමට හුඟ කාලයක් තිස්සේ ඇය නැවත වතාවක් තමන්ගේ ළමයෙකු අපෙක්ෂාවෙනුයි ඉඳලා තියෙන්නේ.ඉතින් මේ වුණු හැම දෙයක් නිසාම ඇය හුඟාක් සතුටින් කාලය ගත කරන බවටයි ආරංචිය
Written by Cinema.lk A