එල්.ටී.ටී.ඊ යට අපහාස කළ නිසා “මැඩ්රාස් කැෆේ“ කැපේ

Avatar Cinema.lk A | July 18, 2013 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

“ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටය, රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාසයක් වන්නේ යැයි පවසමින් එය ශ්‍රී ලංකාවේ තහනම් කරන විට තවත් චිත්‍රපටයකින් එල්.ටී.ටී.ඊ යට අපහාස වන බව පවසා චෙන්නායිහි පොලිස් කොමසාරිස්වරයාට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ.

සෞදිත් ශ්‍රී හාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ” මැඩ්රාස් කැෆේ ” චිත්‍රපටය මගින් මෙලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හුවා දක්වා ඇති බවත් , එමගින් එකී සංවිධානයට හා දෙමළ ජනතාවට අපහාසයක් සිදුවන බව පවසා අද (18) දිනයේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍යය උපුටා දක්වයි.

නාම් තම්ලර් නම් ද්‍රවිඩ දේශපාලන සංවිධානය වෙනුවෙන් තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමාන් විසින් මෙම පෙත්සම පොලිස් කොමසාරිස්වරයාට යොමු කර ඇති බව “විගඩන්” වෙබ් අඩවිය උපුටා දක්වයි.

මැඩ්රාස් කැෆේ” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ජෝන් ඒබ්‍රහම්ය. මීට අමතරව දෙමළ ඊලාම් ශිෂ්‍ය සම්මේලනය විසින්ද මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන්ය

අද දෙරණ

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.