තමිල්නාඩු චිත්‍රපට එපා!

Avatar Cinema.lk A | April 10, 2013 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

තමිල්නාඩුවේ චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් නොකළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව රාවණා බලය සංවිධානය අවධාරණය කරයි.

තමින්නාඩුවේ චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්නැයි ඉල්ලා රාවණා බලය සංවිධානය ඊයේ දිනයේ (09) ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.

එම සංවිධානයේ මහලේකම් කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි සුමනසේකර මහතා මුණ ගැසී මෙම ඉල්ලීම කළහ.

කෙසේ වෙතත් එහිදී ගාමිණි සුමනසේකර මහතා පැවසුවේ අදාළ රාජකාරීය රජය විසින් සිදුකළ යුතු කරුණක් බැවින් තමාට ඒ ගැන පියවරක් ගත නොහැකි බවයි.

එසේ වී නම් මෙරට චිත්‍රපට ශාලාවල හිමිකරුවන් ද දැනුවත් කිරීමට පියවර ගන්නා බව එහිදී රාවණා බලය සංවිධානයේ මහලේකම් කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේය.

ඔවුන්ගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණහොත් මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බව උන්වහන්සේ අවධාරණය කරන ලදී.

ada derana

DSC08736 [1024x768] DSC08737 [1024x768] DSC08739 [1024x768] DSC08740 [1024x768] DSC08741 [1024x768]

Share

80 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.