සමරසිංහ බන්දුගේ වැඩක් – පීටර් වන්
බන්දු සමරසිංහ කියන්නේ මෙරට හාත්ස්‍ය උත්පාදන රංග ලෝකයේ සිටින පතාක රංග පෞරුෂයක්.සිනමා ලෝකය තුල බන්දු විකට රජෙකු ලෙස කිරුළු පැළදියද චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඔහුගේ කාර්භාර්ය රංගනයට පමණක් සීමා වෙලා තිබුණේ නෑ.බන්දු රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයේද නියැළුණා. රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් වැනි සිනමා සිතුවම් අතරට බන්දුගෙන් තවත් නිර්මාණයක් එකතු වීමට නියමිතයි.ඒ පීටර් වන්.
හාස්‍යෝත්පාදක සිනමා සිතුවමක් වු මේ චිත්‍රපටය මෙම මස 10 වැනිදා සිට එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. යන මණ්ඩලවල සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. බන්දු සහ රොඩ්නි වර්ණකුල ප්‍රථම වතාවට එකට රඟන පීටර් වන් සමඟින් බන්දුගේ දියණිය රසෝඝා සහ පුතු කුමර සිනමාවට හඳුන්වාදීම විශේෂත්වයකි.
පදික වේදිකාවේ ගීත ගැයීම ජීවිකාව කරගත් පීටර් නමැති දුගියකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙහි එන එම චරිතය බන්දු විසින් නිරුපණය කරනු ලබන අතර සෙසු චරිත ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග රංජිත් සිල්වා ටිරෝන් මයිකල්, සුසිල් පෙරේරා, විපුල වන්නිආරච්චි, ශ්‍රී ලියනගේ, ඉන්දික ජයසිංහ, මිල්ටන් සෙබස්තියන්, බුද්ධිමා මධුශානි, ලෂිත ලක්මාල් විසින් නිරුපණය කරයි.
අධ්‍යක්ෂණය මෙන්ම කතාව ද බන්දුගෙනි. ස්වර්ණ ෆිල්ම්ස් සහ අක්මාල් වික්‍රමනායක පීටර් වන් නිෂ්පාදනය කොට තිබේ. රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණයකි. තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේගෙනි. සම්පත් වික්‍රමසිංහ සංස්කරණයෙන් ද, ජයන්ත රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, හේමන්ත ගමගේ අංග රචනයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සිසිර එස්. සේනාරත්නගේ නිෂ්පාදන විධායකයකි. සහාය අධ්‍යක්ෂණය රංජිත් ජයසිංහගෙනි. නිෂ්පාදන කළමනාකරණය ස්වර්ණා සමරසිංහ විසින් සිදු කොට ඇත. ශෂික රුවන් මාරසිංහගේ ශබ්ද පරිපාලනයකි.
මීට අමතරව හෙට දිනයේ අයන් මෑන් චිත්‍රපටයේ තෙවැන්න ද මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේ තිරගත කීරිමට නියමිතයි.
Written by Cinema.lk A










