බිමල් ආයේ නටන්න පටන් අරන්

Avatar Cinema.lk A | September 16, 2013 34 Views 0 Likes 0 Ratings

34 Views 0 Ratings Rate it

බිමල් ගැන ඉතින් අමුතුවෙන් විස්තරයක් කරන්න ඕනේ නැනේ.බිමල් ජයකොඩි කියන්නේ අතොරක් නැතිව තැනෙන මෙගා රැල්ලේ පවා කටක් ඇර හොඳ යැයි කියන්න පුළුවන් චරිත මවලා නමක් දිනාගත්ත සුපිරි රංඟන ශිල්පියෙක්.පුංචි තිරයේ විතරක් නෙවෙයි මෑතක දී ආපු නිකිණි වැස්ස වැනි සිනමා පට තුළින් බිමල් තමන් නියම වැඩකාරයෙක් යන වග පෙන්නුම් කරලා තියෙනවා.චරිතයක් සඳහා මනා පෙර සුදානමක් ඇතිව රංඟන කාර්යයට අත තබන ඔහු මේ වන විටත් ඉඳිරියේ දී රූ ගත කීරිම් ඇරඹෙන දැවැන්ත සිනමා පටයක් සදහා පෙර පුහුණුවීම් වල නිරත වෙනවා.මේ චිත්‍රපටය තමයි සක්කාරං….මේ චිත්‍රපටය ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම චිත්‍රපටයයි.මේ දේවල් ගැන බිමල් මාධ්‍ය වෙත කිව්වේ මෙන්න මේ වගේ දෙයක්.
“ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම චිත්‍රපටයේ රංගනයට ලක ලැහැස්ති වෙමින් තමයි මම මේ දවස්වල ඉන්නේ. මේ චිත්‍රපටයේ නම ‘සක්කාරං’. චම්මින්ද වෙලගෙදරගේ ‘සක්කාරං’ නවකතාව ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ. එක්දහස් අටසිය ගණන්වල පාරම්පරික නැටුම් කරන කුලයක් වටා ගෙතෙන කතාවක් මෙයින් කියවෙන්නේ. එහි මම සුබෙයි ගුරුන්නාන්සේ කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. මේ දවස්වල ඒ නිසාම රවී බන්ධු විද්‍යාපති ළඟ නර්තනය හදාරනවා. ඉතාම කෙටි කාලයක් තුළ එය පුහුණු විය යුතුයි. එය තරමක අභියෝගයක්. මම මේ දිනවල වෙහෙසෙන්නේ ඒ අභියෝගය ජයගෙන අවශ්‍ය රූගත කිරීම් සඳහා සහභාගී වීමටයි

Share

34 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.