සල්මාන් නීතියෙන් වරදකරුවෙකු වෙයි.

Avatar Cinema.lk A | May 6, 2015 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

13 වසරකට ඉහතදී බීමත්ව රිය පදවා පදික වේදිකාවේ නිදාගෙන සිටි පස් දෙනෙකු යටකර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළ බොලිවුඩ් සුපිරි රංගන ශිල්පියෙකු වන සල්මන් ඛාන් ට වසර 10 දක්වා සිරදඩුවම් හිමිව තිබේ.

2002 වසරේ සැප්තැම්බර් මාසයේදී මුම්බායි හිදී පදික වේදිකාවක නිදාහුන් පස් දෙනෙකු ඔහු විසින් පැදවූ මෝටර් රථයක හැපී තුවාල සිදුව ඇති අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වසර 13 ක් තිස්සේ ඊට අදාළ නඩු විභාගය පැවැත්වුණු අතර සල්මන් ඛාන් අධිකරණයට පවසා ඇත්තේ මෝටර් රථය පැදවූයේ තමන් නොවන බවයි.

එසේ වුවද එය සල්මන් ඛාන් විසින්  අදාළ මෝටර් රථය පැදවූ බව තහවුරු වී ඇතැයි ප්‍රකාශ කළ විනිසුරු ඔහුට දඬුවම් හිමිවිය යුතු බව නියෝග කර තිබේ.

බොලිවුඩ් හි චිත්‍රපට 80 කට පමණ රංගනයෙන් දායකවී ඇති ඔහු ඩාබෙන්ග්,රෙඩි,බොඩිගාර්ඩ්,එක් තා ටයිගර්,මෙනෙ ප්යාර් ක්යා,හම් අප් කී හෙයින් කූන් ආදී ජනප්‍රිය වානිජ චිත්‍රපට වල කැපී පෙනෙන රංගනයකට උරුමකම් කියන ලදී.

අද දෙරණ

Share

47 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.