හැපි නිව් ඉයර් ශ්‍රී ලංකාවේ ද වාර්තා අතරට

Avatar Cinema.lk A | November 4, 2014 166 Views 0 Likes 0 Ratings

166 Views 0 Ratings Rate it

මේ දිවාලි සමයේ ඉන්දියාව දෙවනත් කළ සිනමාපට අතුරින් පෙරමුණේම ඉන්නේ ශාරුක්ගේ හැපි නිව් ඉයර් සිනමාපටයයි.ෆාරා කාන් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය පළමු සතිය නිමකරන විට ඉන්දියානු රුපියල් කෝටි  183.12ක් උපයා තිබෙනවා.ආරංචියේ හැටියට මේක වාර්තාවක් ලු.ශාරුක්ගේ චිත්‍රපට ආයතනය වු රෙඩ් චිලීස් එන්ටර්ටෙයින්මන්ට් ආයතනයේ නියෝජි්‍තයෙක් වු වෙනකි මයිසුර් කියන විදියට ශාරුක්ගේම චිත්‍රපටියක් වුනු චෙන්නායි එක්ස්ප්‍රස් හි පළමු සතියේ ආදායමටත් වඩා මේ චිත්‍රපටයේ ආදායම වැඩියි ලු.

ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටය එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරටද වැඩිම මුල් දිනයේ ආදායමක් ලද බොලිවුඩ් සිනමාපටයක් වෙනවා.රෙඩ් චිලීස් එන්ටර්ටෙයින්මන්ට් ආයතනය කියන විදියට ගල්ෆ් කලාපයේ,දකුණු අප්‍රිකාවේ,මැලේසියාවේ ද වාර්තාගත මුල් දින ආදයමක් මේ චිත්‍රපටය ලබා තියෙනවා.ශාරුක් කාන්ට හා ඉන්දියාවේ සිනමාපට වලට ඇති ඉල්ලුම නිසාම හැපි නිව් ඉයර් සිනමාපටය ඊජිප්තුව,නවසීලන්තය,ෆීජි,ජර්මනිය,පේරු වැනි රටවල ද සාර්ථකව ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා

ශාරුක් කාන්,දිපිකා පදුකෝන්,අභිෂේක්,බෝමන් ඉරානි,ජැකි ෂෙරොෆ් රඟන මේ සිනමාපටය ඉන්දියානු මාසාලා චිත්‍රපටයක්.ඉන්දියානුෙවන් මේ සිනමාපටය නිපදවලා තියෙන්නේ ඇත්තටම වාඩිවෙලා බලන්න නම් නෙවෙයි.නට නටා බලන්න.මේ දිනවල සැවොයි සිනමාශාලාවේ හා මාතර ස්කයිලයිට් සිනමාශාලාවේ ද තිරගත වෙන මේ චිත්‍රපටය පුලුවන් වෙලාවක ගිහින් නරඹන්න.

මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය

 

 

 

 

Share

166 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.