ලකී ඩයස්ගෙන් චිත්‍රපටයක් හා ටෙලි නිර්මාණයක්

Avatar Cinema.lk A | May 23, 2016 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් එකවර චිත්‍රපටක් සහ ටෙලි නාට්‍යයක් තිළිණ කිරීමට සූදානමෙන් සිටියි. ලකී ඩයස් අධ්‍යක්ෂණය කරන ‘බ්‍රේකින් නිව්ස්’ චිත්‍රපටය හාස්‍ය ගෙන එන චිත්‍රපටයක් වන අතර ‘සීතල ගිනි දැල්’ ටෙලි නාට්‍යයෙන් පාතාල ලෝකයෙන් මීදි සාර්ථක වූ ව්‍යාපාරිකයෙකු පසුපස හඹා එන තවත් පාතාල සාමාජිකයෙකු අතර ඇති වන ගැටුමක් ගෙන එයි.

‘බ්‍රේකින් නිව්ස්’ චිත්‍රපටයේ ලකී ඩයස් සමඟින් විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, රෙක්ස් කෙඩිප්පිලි, ගයේෂා පෙරේරා, හිමාලි සිරිවර්ධන, ශිරෝමිකා ප්‍රනාන්දු, ලසන්ත උඩුකුඹුර, විශ්ව ලංකා, කපිල සමරකෝන් රගනයෙන් දායක වෙති. සංගීතය – දර්ශන රුවන් දිසානායක, කැමරාකරණය – උද්දික මංගල, සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත පතිරණ, ආනන්ද කපුගේ, බුවනෙක රණවක, කලා අධ්‍යක්ෂණය – කොට්ටාරමුල්ලේ චමිල, සංස්කරණය – අනුර බණ්ඩාර විසිනි.

වසර ගණනක් රංගන ක්ෂේත්‍රයේ කටයුතු කළත් ලකී ඩයස් සහ ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රථමවරට හමු වෙන්නේ ‘සීතල ගිනි දැල්’ ටෙලි නිර්මාණය සමගිනි. ‘සීතල ගිනි දැල්’හි ලකී – ශ්‍රියන්ත සමඟින්, කාවිංග පෙරේරා, ශාලිකා එදිරිසිංහ, ඉෂාරා සඳමිණි, රුවන්ති මංගලා, ආනන්ද සමරනායක, සජීව මල්මාලආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර රණපුර, කපිල සිගේරා,කපිල සමරකෝන්, ධනංජි තාරුකා, නීතා සමරනායක ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති.

 

Share

77 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.