ලංකාවේ ප්‍රථම සමලිංගික සිපගැනීම මගෙන්-බුද්ධික ජයරත්න

Avatar Cinema.lk A | December 5, 2012 122 Views 0 Likes 0 Ratings

122 Views 0 Ratings Rate it

ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙන ඉතා උසස් කතා තේමාවකින් සන්නද්ධ වෙනස් ආකාරයේ සිනමා නිර්මාණයක් තමයි ස්වර..මේ නිර්මාණය තුළින් කතා බහට ලක් කරන්නේ ඒඩ්ස් රෝගය නිසාවෙන් දුක් විදිනා මිනිසුන් ගැනයි.මේ නිර්මාණය මෙවැනි කටුක තේමාවකින් සමන්විත වනවා සේම මෙහි රංගනයෙන් දායක වන රංගන ශිල්පි,ශිල්පිණියන්ටද පැවරි ඇති කාර්යය භාරයද එතරම්ම සුළු පටු එකක් වුයේ නෑ.ඒ මක්නිසාදයත් මොවුනට මේ  සිනමා සිතුවම පුරාවටම ඉතාමත් අභියෝගාත්මක චරිතයන් රැසකට පණ පෙවීමට සිදුවුණා.

ඒ අයුරින් එම චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයකට පණ පෙවු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බුද්ධික.ඔහු මේ චිත්‍රපටයේ සමලිංගික තරුණයෙකුගේ චරිතයකට තමයි පණ පොවා තියෙන්නේ.බුද්ධික කියන විදියට නම් සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනෙකු විසින් සිදුකල දෙතොල් සිපගැනීමේ දර්ශනයකට පෙනීසිටලා තියෙන්නේ ඔහුලු.ඔහු මේ සිදුකළ රංගනයන් දැක බලා ගන්න හුඟාක් දෙනෙක් ආශාවෙන් ඉන්න බවටයි බුද්ධිකගේ අදහස.කෙසේ නමුත් නුදුරේදී තිරගත වීමට තිබෙන මේ සිනමා නිර්මාණය හරහා කොයි කාටත් බුද්ධිකගේ මේ අපුරු චරිතය දැක බලා ගැනීමට අවකාශය සැලසේවී.

 

Share

122 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.