සමනල සංධ්වනිය අද(04) පටන් ඊ ඒ පී මණ්ඩලයේ

Avatar Cinema.lk A | October 4, 2013 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

“සමනල සංධ්වනිය“…ජයන්ත චන්ද්‍රසිරි නම් කෘතහස්ත නිර්මාණකරුවාගේ නවතම සිනමා නිර්මාණය ඹක්තෝබර් මස 04 වන දා පටන් ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කිරීමට සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර අවසන්.

රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ “සමනල සංධ්වනිය” හි යශෝධා විමලධර්ම, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, විල්සන් ගුණරත්න, රොජර් සෙනෙවිරත්න, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මලී, චංචලා වර්ණසූරිය, දිමුතු චින්තක, බුද්ධදාස විතානාරච්චි, උදිත ගුණරත්න ඇතුළු නළු නිළි පිරිසක් චරිත නිරූපණයේ යෙදෙති.

කැමරාව රුවන් කොස්තා මෙහෙයවයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයකි. සමනල සංධ්වනිය නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූගත කර ඇත.

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.