කොළඹ සිනමාශාලා චෙක් කරන්න නියෝග

Avatar Cinema.lk A | August 13, 2014 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

කොළඹ නගරයේ තියන සියලුම සිනමාහල් පුර්ණ පරික්ෂාවකට ලක් කරන්න කොළඹ මහ සභාව තිරණය කරලා තියෙනවා.මොවුන් මේ තිරණය ගෙන ඇත්තේ මේ වන විට පවතින සමහරක් සිනමාශාලා වල ඇති ප්‍රතමිතිකරණ ගැටලු සැලකිල්ලට ගනිමිනි.

මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වු කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ සිනමාශාලා වන්හි සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නරඹන්නන්ගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බවයි.නිසි ප්‍රමිතියට පවත්වාගෙන නොයන සිනමාශාලා වල බලපත්‍ර අහිමිකිරීමට පියවර ගන්නා බවටත් ඔහු කරුණු දැක්වීමේ දී පවසා සිටියා.

නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලා ඇත්නම් ඒ පිළිබඳව වහා දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා චිත්‍රපට නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී.

Share

68 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.