රෙබෙකා නිර්මලී පිලිකා රෝහලේදී අවසන් ගමන් යයි!

Avatar Cinema.lk | August 13, 2014 145 Views 0 Likes 0 Ratings

145 Views 0 Ratings Rate it

‘වෙදහාමිනේ‘ටෙලි නාට්‍යයෙන් වඩාත් කතා බහට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 49 හැවිරිදි වියේ පසුවූ ඇය මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

ඇය නමින් හඳුනනවාට වඩා කොයි කවුරුත් ඇයව දන්නේ වෙද හාමිනේ කිව්වම තමයි.නොබෝ දිනකදී තම කලා ජීවිතයේ විස්පස් වැනි වසර සනිටුහන් කළ ඇය මේ වන විට ටෙලි නිර්මාණ එකසිය පණහකට අධික ප්‍රමාණයකට තම රංඟන දායකත්වය සපයා ඇත. ඇය වැනි සිනමාවද වෙීදිකාවද ජයගත් දක්ෂ රංඟන ශිල්පිණියකගේ අහිමි වීම කලා ලොවට දරගත නොහැකි පාඩුවකි.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share

145 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.