ඔන්න ධනුෂ් හොලිවුඩ් වලත් වැඩ පෙන්නන්න හදනවලු..

Avatar Cinema.lk A | January 26, 2016 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

ඉන්දියාවේ හිට් වෙන්න පුළුවන් ලස්සන ඇඟක් තියෙන කොල්ලන්ට පමණයි කියන මතයි බොරුවක් කළ නළුවෙක් තමයි ධනුෂ් කියන්නේ..2004 වසරේ කොලිවුඩ් සිනමා කර්මාන්තයට ප්‍රවේශ වුනු ධනුෂ්ට ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වුනේ ගල්මුල්..කෙසඟ සිරුරක් තියෙන හරි පෙනුමක් නැතී,වීරයෙක්ගේ චරිතයට ගැලපෙන්නේ නැති මේ කොල්ලව මුල් දවස්වල කිසිම කෙනෙක් ගනන්ගත්තේවත් නැ. ..ඒත් ඉන්දියන් බෘෘස් ලී යැයි ආරුඪ නාමයක් පට බැදෙන තරමටම ඔහු තම කෙසඟ සිරුරෙන්ම වැඩ ගත්තා..සුපිරි කෝලිවුඩ් තරුවක් වු ධනුෂ් අවසානයේ බොලිවුඩ් සුපිරු නළු අමිතාබ් සමඟ උරෙන් උරෙන රඟපාන තරමට තම රංඟන අණසක බොලිවුඩයේ ද පැතිරවිය..

ඔන්න දැන්…ධනුෂ් හොලිවුඩයට පා තබන්නයි සුදානම.ඉන්දීය පුවත්පත් වාර්තා කරන අන්දමට ෆාකීර් නම් ඉන්දියානු මැජික් ශිල්පියෙකුගේ චරිතයට පණපොවන්නයි ඔහු සුදානමින් සිටින්නේ..කිල් බිල් චිත්‍රපටයේ සුරුපිණිය උමා තර්මන් මෙහි ධනුෂ් සමඟ රංඟනයේ යෙදීමට යෝ්‍ජිතව සිටිනවා.ඒ වගේම මේ සිනමාපටයේ රූ ගත කිරීම් ඉන්දියාව,මොරොක්කෝව ඇතුළු රටවල් කිහිපයකම මේ වසරේ මැයි මාසයේ සිට ආරම්භ කෙරෙනු ඇති.

Share

38 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.