ගුඩ් නයිට් “නයිට් රයිඩර්“

Avatar Cinema.lk A | January 2, 2013 154 Views 0 Likes 0 Ratings

154 Views 0 Ratings Rate it

ඩේවිඩ් හෙසල්හොෆ් කියන නාමය ඇසූ සැනින් තරමක නුහුරක් දැනුනත් මයිකල් නයිට් කිව් සැනින් මෙරට ඔහුව නොදන්නා කෙනෙක් නොමැති තරම්.කලකට පෙර මෙරට විකාශනය වු අරුම පුදුම කාරය රැගත් ජනපි‍්‍රය ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වූ ‘නයිට් රයිඩර්’ හි වීරයා ලෙස රඟපෑවේ ඔහුයි.

ඒ අවදියේ කඩවසම් තරුණයෙක් වුණත් දැන් ජිවිතයේ හයවන දශකය පසුකරමින් සිටින ඩේවිඩ් තවමත් රංගන ක්ෂේත්‍රෙය් රැදී සිටින්නේ අන් තරුණ නළුවන්ටද අභියෝගයක් වෙමිනි.නමුත් දැන් ඔහු චරිත රඟපාන්නේ හොඳහැටි තෝරා බේරාගෙන.ඒ කාලේ වගේ වීර චරිත,ක්‍රියාදාම චරිත ඩේවිඩි දැන් රඟපාන්නේ නෑ.තමන්ගේ වයසට ගැලපෙන චරිතයන් තෝරා ගන්නයි ඔහුගේ වැඩි කැමැත්ත.

මෑතක දී ඩේවිඩ් හට අලුත් වැඩක් පැවරුණා.ඒ ඇමරිකානු රූපවාහිනී චැනලයකින් විකාශය වන ‘සී බීබීස්’ නම් වූ ළමා වැඩ සටහන මෙහෙයවන්න.ඩේවිඩ් මේ වැඩේ භාර ගත්තේ පුදුමාකාර කැමැත්තකින්.ඔහු මේ වැඩ සටහනේ දී කරන්නේ රාත්‍රී කාලයේ දී කුඩා ළමයින් නින්දට යනතුරු ඔවුන් වෙනුවෙන් කතන්දර කියා දීමයි.

“මම මේ වැඩ සටහනෙන් ළමයින්ට කතන්දර කියා දෙනවා. මමත් පොඩි කාලේ ඕන තරම් පොත් පත් කියෙව්වා. ඒ අතර කතන්දර පොතුත් තිබුණා. මට තාමත් ඒ පොත්වල තිබුණු දේවල් කට පාඩමින් කියන්න පුළුවන්.” ඩේවිඩ් අතීතය සිහිපත් කරමින් පැවසුවා.

Share

154 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.