සිරිපැරකුම් චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

Avatar Cinema.lk | January 21, 2014 522 Views 0 Likes 0 Ratings

522 Views 0 Ratings Rate it

සෝමරත්න දිසානායකයන් අධ්‍යයක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටය ඩකා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේදී ප්‍රේක්ෂක සම්මානයෙන් පිදුම්ලබා තිබේ. මෙය සෝමරත්න දිසානායකයන් දිනා ගත් 33න් වන ජාත්‍යන්තර සම්මානය වේ. ඔහුගේ පළමු ජාත්‍යන්තර සම්මානයද දිනා ඇත්තේ ඩකා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේදීමය.

රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයෙන් නිමවුණු සිරි පැරකුම් චිත්‍රපටය මෙරට බොක්ස්ඔෆිස් වාර්තා බිඳ දමමින් ප්‍රදර්ශනය වූ චිත්‍රපටයකි. මෙතෙක් ශ්‍රී ලංකාව තුල වැඩිම පිරිසක් නැරබු චිත්‍රපටයද සිරි පරකුම්ය.

13 වැනි ඩකා චිත්‍රපට සම්මාන උලෙළ ඊයේ (19දා) බංග්ලාදේශ ජාතික කෞතුකාරගාර ශ්‍රවණාගාරයේදී නිමා වූ අතර ක්ෂේත්‍ර කිහිපයක සම්මාන 20 ක් මෙහිදී පිරිනමන ලදී.

More Info about Siri Parakum

Share

522 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.