ඩිනක්ෂි බැඳල ද?
ඩිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි දන්න හඳුනන ප්‍රියාසාද් පවුලේ තාරකාවියන් තුන් දෙනාගෙන් ලොක්කී.දිනක්ෂි ගැන මේ දවස් වල වැඩිපුර කතා බහකරන්න පටන් ගත්තේ ඇය පසුගිය දවසක ලබා ගත් ජනප්‍රියම සම්මානය නිසාවෙන් හා ඇයගේ නවතම සිනමා පටය නිසාවෙනුයි.තම ආදරණීය පියාණන් අතින් නිර්මාණය වු ඩබල් ට්‍රබල් සිනමා පටය සඳහා ඩිනක්ෂී රංඟනයට අමතරව සහය අධ්‍යක්ෂණය පැත්තෙනුත් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා.
විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටන මේ රූමතිය පසුගිය දවසක ඇගේ ෆේස් බුක් වෙබ් අඩවියේ අපුරු ඡායාරුවක් පළකලා.ඒ ඡායාරුවේ ඇය පෙනී සිටින්නේ මංගල ඇඳුමකින් සැරසීලයි.ඊටපසුව පළකල ඡායාරූපයන් වල මනමාලයෙකුත් හා පරිවාර සේනාවක්ද හිටපු හින්දා මේ වැඩේ එක සැරේටම පත්තු වුණා.ඉතින් ඇත්තටම ඩිනක්ෂි බැඳලද කියලා හැමෝම අහන්න පටන් ගත්තා.නමුත් මේ ගැන වැඩිදුරටත් හොයල බලද්දී තමයි අපිට මෙකේ ඇත්ත නැත්ත හොයාගන්න හැකි වුණේ.ඇත්තටම ඩිනක්ෂි බැඳලා නැ.මේක රූ ගත කීරිමක් විතරයිලු.ඇත්තටම ඩිනක්ෂි බඳින කොට අපිට නොකියා ඉදීද?නේ..
Written by Cinema.lk A






