දීපිකා – රන්බීර් මැද්දට ඊව්ලින්

Avatar Cinema.lk A | October 15, 2012 43 Views 0 Likes 0 Ratings

43 Views 0 Ratings Rate it

ඊව්ලින් ශර්මා, බොලිවුඩ්පුරයට ආ අළුත්ම තාරකාවයි. 1989 ජූලි 12 දා උපන් ඊව්ලින්ගේ පියා ඉන්දීය ජාතිකයෙක් වුණාට ඇගේ මව ජර්මානු ජාතික කාන්තාවක්.මේ වන විට ඉන්දියාට පුරාවටම ඇයව ජනප්‍රියව සිටින්නේ අර්ධයක් ඉන්දීය අර්ධයක් ජර්මානු සුරුපිණිය ලෙසයි.ඇය ඉන්දියාවේ පැවැත්වෙන මෝස්තර නිරූපණ සංදර්ශනවල ජනප්‍රිය නිරූපිකාවක්.කෙසේ වෙතත් මේ සුරුපි තරුණිය නිසා බොලිවුඩ් පුරයේ සුපිරි තරුවකට ලොකු කටකතාවක් හැදිලා තියෙනවා.මේ කටකතාව හැදිලා තියෙන්නේ රන්බීර් කපූර්ට.මේ දේවල් හින්දා රන්බීර් ගේ පෙම්වතිය දීපිකා පදුකෝන් නම් ඉන්නේ පොඩ්ඩක් විතර කනස්සල්ලෙන්.

සමහරු පවසන්නේ ඊව්ලින්, බොලිවුඩ්පුරයට ආ විගසින්ම දැන හැඳිනගත් මුල්ම තරුව රන්බීර් බවයි. මේ නිසාදෝ ඇයට රන්බීර් විශේෂ හිතවතෙක් වෙලා. . “රන්බීර් මගේ හොඳ යාළුවෙක්. දීපිකා .. ඔව්.. දීපිකාත් හොඳ යෙහෙළියක්. රන්බීර් මාත් එක්ක චිත්‍රපටවල රඟපෑවා. අපි දෙන්නාගෙ රඟපෑම් ජනප්‍රිය වේවි. තිරයේදි අපි දෙන්නා පෙම්වතුන්. තිරයෙන් පිටුපසදි අපි දෙන්නා හොඳ යාළුවෝ”මෙන්න මේ විදිය දෙයක් තමයි ඇය මාධ්‍යයට කියලා තියෙන්නේ.

ඊව්ලින් මේ දිනවල රන්බීර් කපූර් සමඟ ‘යේ ජවානි හේ දීවානි’ චිත්‍රපටයේ රූපගත කිරීම්වල යෙදී සිටිනවා. මේ රුවැත්තිය නිසා දීපිකා රන්බීර් ප්‍රේමාන්දරයට කනකොකා හඩාවිද?

Share

43 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.