ගයත්‍රීව මාධ්‍ය ආයතනයකින් අයින් කළ කතාව බොරුවක් [Exclusive]

Avatar Cinema.lk A | March 3, 2015 214 Views 0 Likes 0 Ratings

214 Views 0 Ratings Rate it

අපේ කලා ක්ෂේත්‍රයේ අනුන්ට කරදරයක් නොවී තමන්ගේ වැඩ කරගන්න අය බොහෝම අඩුයි.පැනපු ගමන් ඕන කෙනෙක්ට උදව් කරන ගොඩාක් නිහතමානි අය ඉන්නවනම් ඒ අතරේ,අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් තමයි ඉන්නේ.ඔය කිව්ව කාරණා දෙකම තියෙන ආදරණීය කෙනෙක් තමයි ගයත්‍රී ඩයස් කියන්නේ.ඇත්තටම ගයත්‍රී කිසිම කෙනෙක්ට වාතයක් නොවී ජිවත් වෙන චරිතයක්.ඒත් ගයත්‍රී එහෙම වුනාට මොකද මේ ළගදී දවසක ඉඳලා කිහිප දෙනෙක් ගයත්‍රීට වාතයක් වෙන්න පටන් අරන්.ඒ වෙනින් කවුරුත් නෙවෙයි..ආතක් පාතක් නැති ගොසිප් වෙබ් අඩවි කිහිපයක්.තමන්ගේ බඩගෝස්තරේ රැක ගන්න දන්න දේවලුයි,නොදන්න දේවලුයි,ඇත්තයි,බොරුයි ඔක්කොම එකතු කරලා නිව්ස් ගහන මේ අය මේ දිනවල ගයත්‍රී ගැන බොරු ප්‍රචාරයක් අරන් යනවා

ඔවුන් ගෙනියන ප්‍රචාරය මේකයි.රටේ නම ගිය,ගයත්‍රී කාලයක් තිස්සේ වැඩ කරන් ආපු මාධ්‍ය ආයතනයකින් ගයත්‍රීව ඉවත් කරලයි කියන ආරංචිය.ඒත් ඊයේ අපිට ඇය මේ ගැන ඇත්ත නැත්ත කතා කරලම හෙලි කලා.මේ ගෙනියන කතාව අමුලික බොරුවක් ලු.ඔය කියන මාධ්‍ය ආයතනය සමඟ තවමත් ගයත්‍රී සුහදව වැඩ කරනවාලු.මේ ගෙවෙන්නේ ඇය ඒ ආයතනයත් සමඟ වැඩ කරන පස්වන වසරලු.ඉතින් අහිංසක කලාකරුවන්ගේ ජීවිත බිල්ලට දෙන්න කලින්,දන්න කෙනෙක්ගෙන් ඒ ගැන අහලම නිව්ස් ගැහුවනම් නේ හොඳ….

Gayathri Dias (6) Gayathri Dias (5) Gayathri Dias (4) Gayathri Dias (3) Gayathri Dias (2) Gayathri Dias (1) nayana kumari and gayathri dias nayana kumari and gayathri dias4 nayana kumari and gayathri dias3 nayana kumari and gayathri dias nayana kumari and gayathri dias1 nayana kumari and gayathri dias nayana kumari and gayathri dias nayana kumari and gayathri dias

Share

214 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.