හෂිනිගේ නළු පෙම්වතා

Avatar Cinema.lk A | December 2, 2013 134 Views 0 Likes 0 Ratings

134 Views 0 Ratings Rate it

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරඟ බිමේ වඩාත් චිත්තාකර්ෂණීය තරුවක් විදියට නමක් දිනා සිටින හැඩකාරියක් තමයි හෂිනි ගෝනගල කියන්නේ.නර්තනයට වගේම රංඟනයටත් හපන්කම් දක්වන මේ රුවැත්තිය ඉදිරියේදී තවත් සිනමාපට කිහිපයකින්ම ඔබ අතරට පැමිණේවී.හෂිණිගෙන් හැමෝම වගේ අහන එක් කාරණාවක් තියෙනවා.

පෙම්වතෙක් ඉන්නවද?

හෂිනිට හුඟාක් කාලයක් තිස්සේ ආදරේ කරපු රටේ නම ගිය කඩවසම් නළුවෙකුටත් මෙන්න මේ ප්‍රශ්ණය තිබිලා තියෙනවා.ඒ වුනත් ඒ කාලේ වෙන කොට හෂිනි හා දුෂ්යන්තගේ නම ඈඳාගෙන නොයෙකුත් කට කතා පැතිරිලා ගියපු නිසා මේ නළුවා තමන්ගේ හිතේ තිබුණු ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් නෑ.මෙහෙම කාලයක් ගතවෙලා යද්දී ආයිමත් අවුරුදු ගානකට පස්සේ මේ දෙන්නා මුණ ගැහිලා තියෙනවා.මේ වෙද්දී මේ නළුවා ගැන හෂිනිගේ හිතේත් කැමැත්තක් තිබිලා තියෙනවා.කොහොමින් කොහොම මේ නළුවා කාලයක් තිස්සේ හිතේ හිරකරන් හිටපු දේ හෂිනිට කියලා තියෙනවා.හිතේ කැමැත්තක් තිබුණත් හෂිනිට මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න සිදුවෙලා තියෙනවා.හෂිනිගේ වචන වලින්ම කියනවා නම් ඒක එහෙම වෙලා තියෙන්නේ තවත් තුන්වෙනියෙක් නිසාලු.

 

Share

134 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.