යකඩ මිනිසාගේ තුන ලෝක වාර්තාවක් පිහිටුවයි

Avatar Cinema.lk | May 7, 2013 226 Views 0 Likes 0 Ratings

226 Views 0 Ratings Rate it

පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත‍්‍රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනට පත් වීමට සමත්ව ඇත. රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත‍්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි වේ. මෙම ආදායම ඇමරිකාව සහ කැනඩාව තුල ඉපැයූ ආදායම පමණක් වන අතර තිරගත වීමෙන් දින 12ක් ඇතුලත ජාත්‍යන්තරව ඇමරිකානු ඩොලර් මිලියන 680ක් ඉපැයීමට අයර් මෑන් සමත් විය.

මීට අමතරව, ආසියා ශාන්තිකර හා ලතින් ඇමෙරිකා කලාප වලද, බි‍්‍රතාන්‍යය, ආජන්ටිනාව, හොංකොං හා මැලේසියාව යන රටවල මෙතෙක් තිරගත වූ චිත‍්‍රපටි අතුරින් ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම ලැබීමට ද  අයන් මෑන් 3 සමත් ව තිබේ.

මාවල්(Marvel) සමාගමේ චිත‍්‍රකතාවක් වන අයන් මෑන්(Iron Man) ඇසුරෙන් නිමවූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් ( Robert Downey Jr) හා ග්වෙනෙත් පැල්ට්රෝ(Gwyneth Paltrow) ය.

Share

226 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.