ජැක්සන් හැදු රැල්ල ජැක්සන් අතින්ම වෙනතකට

Avatar Cinema.lk A | September 3, 2013 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

ජැක්සන් ඇන්තනී කියන්නේ ගායකයෙක්,රංඟන ශිල්පියෙක්,නිවේදකයෙක්,ගුරුවරයෙක් වැනි ඕනෑම අයුරකින් හඳුන්වන්න පුළුවන් සකළකලාවන් හි කෙල පැමිණියෙක්.රංඟනයදී නම් ජැක්සන්ට වේදීකාවද,පුංචි තිරයේද සිනමාවද කියලා වෙනසක් නෑ,මේ හැම තැනකම එකලෙස සුරුවිරුකම් පාන්න ඔහු තුළ ඇත්තේ පුදුමාකාර හැකියාවක්.අද අපි ඔහු ගැන කතා කරන්නේ ඔහුගේ රංඟනය ගැනවත්,නිවේදන කලාව ගැනවත් විස්තර කරන්න නම් නෙවෙයි.මේ කාරණය තරමක් වෙනස් එකක්.කතාව මේකයි

ලාංකේය සිනමාවේ මේ පවතින ඉතිහාස කතා රැල්ලට උපත්තිය ලැබුණේ ජැක්සන් අතින්.අතිසාර්ථක ඓතිහාසික චිත්‍රපටයක් වු අබා සිනමා පටය නිර්මාණය කිරීම මඟින් සිනමා කර්මාන්තය තුළ දැවැන්ත සිනමාපට කිහිපයක්ම බිහි වීමට මුලික අඩිතාලම සකසා දුන්නේ ජැක්සන්.දැන් මේ සිනමා රැල්ල අවුරුදු ගනනාවක් තිස්සේම පවතිනවා.නවතින පාටක් පෙන්නේ නෑ.ඉතින් ජැක්සන් ඇන්තනී නම් මහා රංඟධරයා පටන් ගත්ත මේ ඓතිහාසික චිත්‍රපට රැල්ල වෙනතකට හරවන්න ඔහුම මැදිහත් වී ඇති හැඩයි.ඒ ගැන ජැක්සන් කිව්වේ මෙන්න මේ විදියටයි.

“මම චිත්‍රපටයක් කරනවා. නොවැම්බර් දෙසැම්බර්වල තමයි රූපගත කිරීම් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස්වල එහි පූර්ව – නිෂ්පාදන කටයුතු කෙරෙමින් පවතිනවා.මා හැදූ චිත්‍රපට රැල්ල මමම වෙනස් කරන්න හදන චිත්‍රපටයක් මේක. ඒත් මොනවගේ එකක් ද කියලාවත් චිත්‍රපටයේ නමවත් දැන් මම කියන්නේ නැහැ. අපේ නිරන්තර දකින්න තිබෙන මනුෂ්‍ය ගුණාංග සහිත චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.