ජැකීගේ හොඳ වැඩ
ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ ලංකාවේ රූප රාජණිය ලෙස කිරුළු පළඳා බොලිවුඩය ද තම අණ සකට ගත් සුරූපි තරුණියක්.මේ වන විට ඇය පෙන්වා ඇති දක්ෂතා නිසා බොලිවුඩයෙන් ඇය වෙත ලැබී ඇත්තේ ඉහළ පිළිගැනීමක්.ඇයගේ මේ ජනප්‍රියත්වය නිසාවෙන් ඇයට මෙන්ම ඇයගේ උපන් දේශය වන ලංකාවටත් ලැබෙන උදව් උපකාර,පිළිගැනීම මෙතෙකැයි කියන්න බෑ.
පසුගිය දවසක ජෑකී,මැද පෙරදිග රටක් වු බහරේන් රාජ්‍යයයේ ශ්‍රී ලාංකා තනාපති කාර්යාලයක් විවෘත කිරිමට මැදිහත් වෙලා කටයුතු කලා.මේ රාජ්‍යය තුළ වෙසෙන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් වෙනුවෙන් තනාපති කාර්යාලයක අවශ්‍යතාවය තේරුම් ගත් ඇය,බලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා වට ගණනාවක් පැවැත්තුවා.
රටවල් දෙක අතර තනාපතිවරියක් වශයෙන් ඇය මෙසේ මැදිහත්ව කටයුතු කිරීම හුඟ දෙනෙකුගේ පැසසුමට භාජනය වී තිබෙනවා.මෙරට රජයත්,බහරේන් රාජ්‍යයයේ බලධාරීන්ගේ අනුදැනුම ඇතිව එරට ශ්‍රී ලාංකා තනාපති කාර්යාලයක් තැනීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.
Written by Cinema.lk A








