කීර්ති ප්‍රසංශා ලැබුණත් එදා සිටි ජගත් චමිලම තමයි අදත් ඉන්නේ

Avatar Cinema.lk A | November 12, 2013 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

ජගත් චමිල කියන්නේ ලෝකයේ හොඳම නළුවා විදිහට සම්මාන ලැබු අපිට ඉන්න නිරහංකාර,දක්ෂ රංඟන ශිල්පියෙක්.ඔහු ගැන අද පොඩි සඳහනක් කරන්න හිතුනේ කාරණා දෙකක් හින්දයි.එක අද ජගත් සම්මානයට පාත්‍ර වුනු සිනමා පටය…ඒ කියන්නේ සැමීගේ කතාව අද ප්‍රදර්ශනය වෙනවා.ගිය (06) වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය සිනමා උළෙලට සමගාමීව තමයි අද එය තිරගත වන්නේ.

දෙවැනි කාරණය තමයි මංගල සාදයකදී වුනු සිදුවීමක්.ලෝකයේ හොඳම නළුවා විදිහට සම්මාන ලැබු ජගත් චමිල පසුගිය දවසක විවාහ මංගල උත්සවයකට සහභාගි වුණා. මනාල යුවළට සුබ පතන්නට ජගත් පැමිණ සිටියේ සුදු කමිසයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසිලා. ඔහුගේ මේ ඇඳුම දුටු ටයිකෝට් ඇඳගෙන මහේශාක්‍ය ලීලාවෙන් සිටි අනෙක් පිරිස අතරින් අනේ! ජගත් ලෝකෙ හොඳම නළුවා විදිහට සම්මාන ලබලත් මේ තරම් ජනප්‍රියත්වයක් දිනාගෙන ඉඳලත් මේ වගේ තැනකට එන්නේ මේ විදිහටනේ කියලා කසුකුසු නැගෙන්න පටන් ගත්තා.මේ කාරණයේදී අපේ සිත් වලට වැදුණු එක් දෙයක් එතැන සිටි කවුදෝ කෙනෙකුගේ මුවින් පිටවුණා.

“ලෝකේ හොඳම නළුවා වුණත් මොන සම්මාන කීර්ති ප්‍රසංශා ලැබුණත් එදා සිටි ජගත් චමිලම තමයි අදත් ඉන්නේ“

 

Share

38 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.