ජිවන්ට එකක් දෙකක් නෙවෙයි….පහක්..

Avatar Cinema.lk A | January 2, 2013 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

අද කාලේ හුඟාක් අය කැමැතියි රජ වෙන්න.ඒත් කැමැත්ත තිබුණට හැමෝටම රජවෙන්නත් බෑ.අනික ඒක හිතන තරම් ලේසි කටයුත්තකුත් නොවෙයි.ඒ වුනාට පස් වතාවක් රජ කම් කරන්නට වාසනාව උදාකරගත් කෙනෙක් ලංකාවේ ඉන්නවා.හැබැයි මෙහෙම පස්වතාවක් රජවුනේ හැබැවටනම් නෙවෙයි.සිනමා තිරයේ….පුංචි තිරයේ….පසුගිය වකවානුව තුළ දී රජ චරිතයන් පහකට පණ පොවන්න වාසනාව උදාකරගත් ඒ වාසනාසන්තයා තමයි මහා නළු ජීවන් කුමාරතුංග. ඔහු තරම් මෑතකාලීනව රජ වන්නට ලැබුණු වෙනත් කිසිම කෙනෙක් අපේ කලා ලොවේ නැතුව ඇති.

ජීවන් මුලින්ම රජ වුණේ සනත් අබේසේකරයන්ගේ මහින්දාගමනය චිත්‍රපටයේයි.මේ චිත්‍රපටයේ දී ඔහු පණ පෙව්වේ දේවානම්පියතිස්ස රජුන්ගේ චරිතයටයි.ඒ චරිතය ලොකු පොඩි කාගේත් අවධානයට බදුන් වු එකක් වුවා.ජීවන් ඒ චරිතයට කල සාධාරණය නිසාවෙන් ඔහුට දිගින් දිගටම රජකාලේ චරිත ගලාඑන්න පටන් ගත්තා.සනත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන ‘සිරි දළදා ගමනයේ’ ද ජීවන් රජ වෙනවා. ඒ බුහසීව රජු ලෙසින්.ඉන්දීය රජ පෙළපතේ අවසන් රජු ලෙස ශ්‍රී දළදා වහන්සේ මෙරටට භාර කරන්නේ බුහසීව රජු විසිනි. මේ විදියට ඔහු යළිත් ප්‍රාන්ත රජ කෙනෙක් ලෙස අභිෂේක ලබන්නේ මොහාන් නියාස්ගේ ‘දෙවැනි මව්’ චිත්‍රපටයේදී.තෙවැන්න ළඟදීම තිරගත වීමට තිබෙන ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයයි.මෙම චිත්‍රපටයේ දීද ඔහු විසින් පණ පොවන්නේ බිම්බිසාර රජුන් ගේ චරිතයටයි.

ඔහු විසින් රංගනයෙන් දායක වු අනෙක් රජ චරිතයන් දැක ගැනීමට හැකිවෙන්නේ පුංචි තිරයෙන්. පෘතුගීසින්ට විරුද්ධව සිංහල ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කැරැල්ලක් මෙහෙය වූ වීදිය බණ්ඩාරගේ චරිතයට ජීවන් පණ පොවන්නේ අනුර මාධව ජයසේකරගේ වීදිය බණ්ඩාර ටෙලි වෘත්තාන්තයේදී.මෙම නිර්මාණයට දායක වීම සඳහා ඔහු තමන්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් කර තිබෙනවා.එහිදී ඔහු ඉතා ගාම්භීර ලෙස උඩු රැවුල වවා ඇති අයුරු මේ දිනවල ජීවන්ව දකින කාටවුනත් බලා ගතහැකි කාරණයක්.

Share

67 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.