ජෝන් ලෙජන්ඩ්ට ලංකාවේ ගුවන් තොටුපලේ දී අකරතැබ්බයක්

Avatar Cinema.lk | June 7, 2013 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

ජෝන් ලෙජන්ඩ් (John Legend) සහ ඔහුගේ පෙම්වතිය ක්‍රිසී ටීජන්ට (Chrissy Teigen) මාලදිවයින බලා ගුවනින් ගමන් කරන අතරතුරේදී ලංකාවේ ගුවන්තොටුපලේදී අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ ඔහු මාලදිවයිනේ දී ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනා කිරීම සඳහා සඟවාගෙන රැගෙන ආ මුද්දක් රිසී ඉදිරිපිටදීම ගුවන් තොටුපළ බලධාරීන් විවෘත කිරීමට තැත් කිරීමත් සමඟයි. ඇමරිකානු ගායකයෙකු සහ ගීත රචකයෙක් වන ජෝන් ලෙජන්ඩ් “ග්‍රැමි සම්මාන“ 9ක හිමිකරුවෙක්.

මේ යුවල මාලදිවයින බලා ගමන් ගෙන ඇත්තේ නිවාඩුවක් ගත කිරීමට වන අතර මේ නිවාඩුව අතරතුරේදී ඔහු, ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරගෙන සිට ඇත.

කෙසේ වෙතත් කාර්්‍යශූර ගුවන් බලධාරීන් මුදුව සහිත පෙට්ටිය විවෘත කිරීමට සූදානම් වීමෙන් ඔහු අපහසුතාවට පත්ව ඇත්තේ ඒ අවස්ථාවේ දී ඔහුගේ පෙම්වතියද ඒ ආසන්නයේම සිටි බැවිනි.

බ්‍රිතාන්‍ය සඟරාවකට ඔවුන්ගේ විවාහ යෝජනා කිරීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මුදුව සඟවාගෙන පැමිණීම අතිශය දුෂ්කර කාර්්‍යයක් වූ බවයි.

කෙසේ වෙතත් වාසනාවකට මෙන් ලංකාවේ ගුවන් තොටුපළ බලධාරීන් එම බහාලුම විවෘත කර නැත. ඒසේ වූවා නම් ඔහුට පවසන්නට වන්නේ තමා ලංකාවේ ගුවන් තොටුපළේ දී ක්‍රිසී ට විවාහ යෝජනා කල කතාව බවද ඔහු එම සඟරාවට පවසා ඇත.

ABC4 පුවත් සේවය පවසන අයුරින් ඔවුන් දෙදෙනා නුදුරේ දීම විවාහවීමට නියමිතය.

teigen-6001

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.