ගණිකා මඩම් අවශ්‍යයි,ලිංගික අල්ලස් අනවශ්‍යයි

Avatar Cinema.lk A | June 6, 2013 185 Views 0 Likes 0 Ratings

185 Views 0 Ratings Rate it

සිරි පැරකුම් කියන්නේ මේ දවස් වල අසීමිත ප්‍රේක්ෂක ආදරයට නතු වු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැරඹු හුඟාක් දෙනෙක් එහි වු නවක මුහුණු ගැන කතා කරන්න පටන් ගත්තේ ඔවුන් දැක්වු දක්ෂතා නිසාවෙන්මයි.මේ වගේ හැමෝගේම කතා බහට ලක් වු චරිතයක් තමයි කළු එතනාගේ චරිතය.මේ චරිතයට පණ පොවන්නේ සිනේති අකිලා නම් සුන්දර තරුණියයි.ඇය සුන්දර රූපශ්‍රීයකට හිමිකම් කිවද,ඇය වෙනත් තරුණියන්ට වඩා වෙනස් විදියකට හිතන පතන කෙනෙක්.මෙහෙම කියන්න හේතුව තමයි සුප්‍රසිද්ධ පුවත් පතකට ඇය ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් නිසාවෙනි.

ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩීවීම සම්බන්ධයෙන් ඇයගෙන් කළ වීමසීමකදී ඇය පවසා සිටියේ ලංකාවේ වු අවිධිමත්භාවය එයට හේතු වන බවයි.විශේෂයෙන් බටහිර රටවල් වල ගණිකා මඩම් ඇති කර මේ තත්ත්වය පාලනය කර ඇති අයුරු ඇය එහිදී පෙන්වා දී තිබුණා.ලංකාවේද මෙවැනි තත්ත්වයක් ඇති කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත් වනු ඇති බවටයි ඇයගේ මතය.තවද නිළියක් වශයෙන් හොඳ පැවැත්මක් ඇති කර ගැනීමට ලිංගික අල්ලස් ලබා දිය යුතු දැයි ඇගෙන් ඇසු විට ඇය ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“නැහැ,තමන්ගේ හැකියාවට හා දක්ෂතාවයට අවස්ථාවක් තියෙනවා නම්,ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න ලිංගික අල්ලසක් දෙන්න ඹ්නේ නෑ“

Siri Parakum (සිරි පැරකුම්) Sinhala Movie

Share

185 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.