ජුරාසික් පාක් නැවතත් – Jurassic Park 3D

Avatar Cinema.lk | November 15, 2012 427 Views 0 Likes 1 On 1 Rating

427 Views 1 On 1 Rating Rate it

ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපටයකි ජුරාසික් පාක් චිත්‍රපටය. එම චිත්‍රපට නිකුත් වී වසර 20ක් පමණ ගත වී ඇතත් බොහෝ දෙනාගේ හිත් තුල තවමත් ජුරාසික් පාක් චිත්‍රපටය රැඳී ඇත. කෙසේ වෙතත් වසර 20කට පසුව ජුරාසික් පාක් රසිකයින්ට නැවත වරක් ජුරාසික් පාක් චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවී ඇත. මෙවර එම චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නැවත වරක් සිනමා ශාලා වෙත පැමිණේ.

ලබන වසරේ (2013) අප්‍රේල් මස 5 වන දින තිරගත වීමට නියමිත Jurassic Park 3D චිත්‍රපටය මුල්වරට තිරගත වූයේ 1993 දීය. මුල් චිත්‍රපටය තිරගත වීමේ දී එහිදී භාවිත කරන ලද විප්ලවකාරී රංග ප්‍රයෝග හේතුවෙන් අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් වූ අතර 1994 දී ඒ වෙනුවෙන් ඇකඩමි සම්මානය පවා පාත්‍ර විය. ජුරාසික් පාක් චිත්‍රපටය ස්ටීවන් ස්පීල්බර්ග් ගේ අධ්‍යක්ෂණය කි.

Share

427 Views 1 On 1 Rating Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.