කමල් හසන් රජිනි ඛාන්ත් ලංකාවට එරෙහිව උපවාසයේ

Avatar Cinema.lk A | April 2, 2013 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට කර්මාන්තයේ නිරත පුද්ගලයින් ශ්‍රී ලංකාවට එරෙහිව අද (02) දිනයේ උපවාසයක නිරත වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට විවිධ හිරිහැර සිදුවන බව පවසමින් චෙන්නායි නුවර දී මෙම උපවාසය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සහ දකුණු ඉන්දීය චිත්‍රපට කලාකරුවන්ගේ සංගමය එක්ව මෙම උපවාසය සංවිධානය කර තිබේ.

අද දිනය තුළ මෙම උපවාසය සඳහා රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උපවාසය සඳහා දකුණු ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කමල් හසන් සහ රජිනි ඛාන්ත් ද සහභාගී වන බව දැනුම් දී තිබේ.

මෙම උපවාසය හේතුවෙන් දකුණු ඉන්දියාව තුළ අද දිනයේ කිසිදු චිත්‍රපට රූගත කිරීමක් සිදුනොකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුන් ද මෙම එක්දින උපවාසය සඳහා සහභාගී වීමට නියමිතය.

අද දෙරණ

ஈழத் தமிழர்களுக்காக தமிழ் திரையுலக நட்சத்திரங்கள் உண்ணாவிரதப் போராட்டம் (படங்கள்)

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.