“කෙල්ලෝ කොටට අඳිනවට මම කැමතියි“ – ළහිරු පෙරේරා

Avatar Cinema.lk A | June 25, 2013 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

ළහිරු පෙරේරා යන නම කිව්ව සැනින් ඕන කෙනෙක්ට මතක් වෙනනේ “රම්බරී“ ගීතයයි.මේ අමුතුම මාදිලියේ ගීතය නිසාවෙන් ඉමහත් කීර්තියක් අත්කර ගෙන සිටින ඔහු මේ වන විට ක්ෂේත්‍ර‍යේ සිටින කාර්යබහුලම ගායකයෙක්.පහුගිය දවසක ළහිරු ෆැෂන් සහ ලංකාවේ කෙල්ලෝ ගැන ටිකක් වෙනස් විදියේ මතයක් පළකර සිටියා.ඔහු ඒ විදියේ ප්‍රකාශයක් කර තිබුණේ සති අන්ත පුවත් පතකටයි.

ළහිරු කියන විදියට ලංකාවේ නියම විදියට ෆැෂන් කරන්නේ කොළඹ,නුවර,ගාල්ල වැනි පළාත් වල ඉන්න කෙල්ලෝ විතරයිලු.අනිත් පළාත් වල ඉන්න අය මේ ෆැෂන් වලට හුඟාක් බයයි ලු.ගැහැණු ළමුන් කොටට අඳින එක ගැන ළහිරු කියා සිටියේ මෙන්න මේ වගේ දෙයක්.

“කෙල්ලෝ කොටට අඳිනවා නම් අනිවාර්යයෙන්ම රෝම කූප ඉවත් කරන්න ඕන.හොඳ බැක් එකක් තියෙන්න ඕනේ.වළලුකර ගාව ඉඳන් බත්කෙන්ද ගාවට එනකම් නියම හැඩයක් තියෙන්න ඕනේ“කොට ඇඳුම් ගැන වැඩිදුරටත් කතා කළ ළහිරු කියා සිටියේ ඔහු,කෙල්ලන් කොටට අඳිනවට හුඟාක් කැමති බවයි.

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.