LANTOURI ඉරාන සිනමාපටය ප්‍රදර්ශනය හා සංවාදය

Avatar Nisanka Weheraduwa | November 16, 2017 139 Views 0 Likes 0 Ratings

139 Views 0 Ratings Rate it

කලාව සඳහා ක්‍රියාකාරී ලීගය සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් නොවැම්බර් 18 වැනිදා පැවැත්වෙනවා. 18 වැනි සෙනසුරාදා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී  මේ සිනමා හමුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. Lantouri නම් ඉරාන සිනමාපටය මෙවර වැඩසටහනේදී ප්‍රදර්ශනය කෙරෙනවා.  2016 වසරේ නිර්මාණය වුනු Lantouri  චිත්‍රපටය 2016 වසරේ පෙබරවාරි 14 වැනිදා 66වැනි බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේදී මංගල දැක්ම පැවැත්වුවා. පර්සියන් භාෂාවෙන් නිර්මාණය වුනු ඉරාන සිනමාපටයක් වන මේ චිත්‍රපටය Reza dormishianගේ නිර්මාණයක්. ටෙහ්රානයේ ජිවත් වන තරුණ ක්‍රියාකාරී මාධ්‍යවේදිනියකගේ මුහුණට අසිට් ප්‍රහාරයක් එල්ල කිරීම පිලිබඳ කතාවක් මේ සිනමාපටයට ඇතුළත්. Navid Mohammad Zadeh, Maryam Palizban, Baran Kosari, Mehdi Kooshki, Bahram Afshari චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා.

කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මෙවර සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සිනමා සංවාදයක්ද පවත්වනවා.  Lantouri සිනමාපටය පිලිබඳ කෙටි අදහස් දැක්වීමක් ධනුෂ්ක ගුණතිලක විසින් සිදු කිරීමට නියමිතයි.  සිනමාලෝලීන් සැමට මේ සඳහා ඇරියුම් කරන බව කලාව සඳහා ක්‍රියාකාරී ලීගය පවසනවා.

Share

139 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.