මනීෂා යළි රංඟනයට
දීර්ඝ නිහඩ කාල වකවානුවක් නිමා කරමින් සුප්‍රක්‍රට සිනමා නිළි මනීෂා කොයිරාල නැවතත් සිනමා නිර්මාණයකට දායක වන බව දැක්වෙන පුවත් මේ දිනවල පළ වෙනවා.තවමත් හරිහැටි නමක් යොදා නොමැති මේ නිර්මාණය ආරංචි හැටියට නම් හින්දි – බෙංගාලි නිර්මාණයක්.
මුලික වැඩ ආරම්භ කර ඇති මේ චිත්‍රපටයේ ඇයට තියෙන්නේ මවකගේ භුමීකාවක්. ඇගේ පුත්‍රයා විසි හැවිරිදි අයෙක්. පුත්‍රයාගේ චරිතය රඟන්නේ යොවුන් රංගන ශිල්පියෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රොමිතා සෙන්ගුප්තයි. ඔහු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන රාකේෂ් ඕම් ප්‍රකාශ් මෙහ්රා සහ ප්‍රකාශ් ජා යටතේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
“මේක හරිම ලස්සන කතාවක් ඇතුළත් වුණු චිත්‍රපටයක්. මැදිවියේ පසුවන මවකට අවුරුදු 20කට පස්සෙ තමන්ගෙ පුත්‍රයාව මුණ ගැසීමෙන් පසුව සිදුවන සිදුවීම් දාමයක් ඇතුළත් චිත්‍රපටයක්. මේ හමුවීමෙන් පස්සෙ පුත්‍රයාගේ ජීවිතය යහපත් අතට හැරෙන හැටි කදිමට චිත්‍රණය වෙනවා. අපි මේ කතාව මීට අවුරුදු 2කට කලින් මනීෂාට කිව්වා. ඒ දවස්වල එයා අසනීපයෙනුයි හිටියේ. මේ අවුරුද්ද වෙනකොට එයාගෙ අසනීපය හොඳටම සුව වුණොත් මේ චිත්‍රපටයේ රඟපාන්න කැමැතියි කියල කිව්වා. දැන් ඉතින් මනීෂා සනීප වෙලා ඉන්න නිසා චිත්‍රපටයෙ වැඩ පටන් ගන්නයි හදන්නෙ. මනීෂා මේ චිත්‍රපටයේ හින්දි භාෂාවෙන් දෙබස් කියනවා. ඒ අතරේ උර්දු සහ බෙංගාලි භාෂාවලිනුත් කතා කරනවා. මේ ජූලි මාසෙදි තිර නාටකය පැහැදිලි කිරීම් වගේම ඒ වෙනුවෙන් වැඩමුළු කිහිපයකුත් පවත්වන්නයි අපේ අදහස.” චිත්‍රපටයේ නිෂ්පාදක හිමන්ෂු ධනුක එලෙස කීවේ විශිෂ්ට නිර්මාණයක් බිහි කිරීමේ අදහසින්.
Written by Cinema.lk A