MOFA – Mora Film Awards

Avatar Cinema.lk | December 8, 2013 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

මොරටුව විශ්ව විද්‍යාලයීය සිනමා සම්මාන උළෙල ඊයේ (07 වන දා), ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ අසෝක හඳගම මහතාගේ සහ ජනප්‍රිය නිළි පූජා උමාශංකර් මෙනවියගේ ප්‍රධානත්වයෙන්, පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ අංශාධිපති ලුති. කර්නල් ආචාර්ය චන්දන ගමගේ, වීඩියෝ නිෂ්පාදන විෂය භාර කථිකාචාර්ය රවීන් ගුණරත්න, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය චතුර ද සිල්වා, ආචාර්ය රප්ති ද සිල්වා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙන්ම සිසුසිසුවියන් රැසකගේ සහභාගිත්වයෙන් විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාලයීය  පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නිෂ්පාදිත කෙටි වාර්තා චිත්‍රපට 4ක් මෙහි දී එළි දැක්විණි.

විශිෂ්ටතම නිෂ්පාදනයට හිමි ත්‍යාගය තයාපරන් මෝහනරන්ගන්, පුබුදු දොඩන්ගොඩ, නුවන් වජිරසේන සහ ධනුෂ්ක මධුශංක විසින් නිෂ්පාදිත “Tears of Blood” වාර්තා චිත්‍රපටයට හිමි විය.

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.