ලංකාවේ වඳුරෝ රුපියල් මිලියන 2000 හොයපු හැටි

Avatar Cinema.lk A | May 21, 2015 89 Views 0 Likes 0 Ratings

89 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ “Monkey Kingdom” (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය, යාල වනෝද්‍යානය, කල්පිටිය, මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.

ඇ.ඩො. මිලියන 7ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති එවැනි ආකාරයේ 8 වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන 35ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන් පමණක් උපයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ හැදු Monkey Kingdom චිත්‍රපටය

monkey kindom

courtesy – අතුල සිරිවර්ධණ





Share

89 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.