ප්‍රසන්න, හඳගම, විමුක්ති එකම චිත්‍රපටයක් සාදයි

Avatar Cinema.lk A | April 26, 2016 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

එකිනෙකට බද්ධ වන කතන්දර තුනක් සහිත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරයි.

කලකට ඉහතදී ටයිටස් තොටවත්තයන් කතා තුනක් ඇතුළත් කොට තෙවන නමින් කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණය කරන ලදී.

ප්‍රසන්න විතානගේ ගේ ඉර මැදියම සිනමා පටයට පාදක වූයේ ද එකිනෙකට සමාන්තරව ගලා ගිය කතා ත්‍රිත්වයකි.

එහෙත් මෙහිදී එකම චිත්‍රපටයක් තිදෙනකුගේ දෘෂ්ටි කෝණයෙන් රූපයට නැගෙනු ඇත.

එය ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිසෙස් සලකුණකි. මෙම චිත්‍රපටයේ පළමු කොටස යාපනයේදීත්, දෙවැනි කොටස කොළඹදීත් තෙවැනි කොටස හම්බන්තොටදීත් රූ ගතවනු ඇත.

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.