නදීෂාට අලුත් තනතුරක්
නදීශා හේමමාලී කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ හොඳ ස්ථාවරයක් රඳවාගෙන සිටින දක්ෂ,ඒ වගේම සුරූපී යුවතියක්.ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ පමණක් නොව චිත්‍රපට ක්ෂේත්‍රයේද කැපී පෙනෙන තාරකාවක් වු ඇය විදේශීය චිත්‍රපට කිහිපයක් සඳහාද තම රංගන දායකත්වය සපයා දී තිබෙනවා.රංගනයට අමතරව ඇය දැවැන්ත නිෂ්පාදකවරියක් ලෙසද ක්ෂේත්‍රයේ තුළ නමක් දිනා සිටිනවා.
කලාවට බොහෝ සේ ඇලුම් කරන ඇය,කලාවේ සුභ සිද්ධිය උදෙසා කරනා මෙහෙය අති විශාලයි.ටෙලි නිර්මාණකරුවන්ගේ සංසදයේ ක්‍රියාකාරී සමාජීකාවක් වන ඇය ටෙලි නිර්මාණ කරුවන් වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරනු ලබනවා.ඇය තුළ වු අසීමිත උනන්දුව නිසාම පසුගිය දවසක ඇයට මේ සංසදයේ අය අලුත් තනතුරක් ලබා දුන්නා.ඒ තනතුර තමයි ටෙලි නිර්මාණකරුවන්ගේ සංසදයේ මාධ්‍ය සම්බන්ධීකරණධුරය.අලුත් පට්ටම නිසා කලාකරුවන් වෙනුවෙන් වැඩ කරන්න ලැබුණු ඉඩ හසර දැන් ඇයට තවත් වැඩි වෙලා ඇති පාටයි.අපි මෙහෙම කිව්වේ දැන් ඇය වෙනදාටත් වඩා කාර්යබහුල නිසයි.
Written by Cinema.lk A











