ළඟදීම අපි විවාහ වෙනවා – නෙහාරා හා මේනක
නෙහාරා හා මේනක කියන්නේ නිතරම පාහේ කට කතා වලට බදුන් වන දෙන්නෙක්.විවිධ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නා ගැන විවිධ පුවත් පළවෙන්න පටන් ගත්තා.සමහරු කියන්න පටන් ගත්තා මේ දෙන්නා බඳින්න යනවා කියලා.තවත් සමහරු කිව්වා මේ දෙන්නා තාම බැඳලා නැ කියලා. මේ කට කතා පැතිරෙන්න හේතු වෙලා තියෙන්නේ මේනකගේ මවගේ උපන් දින සාදයට හෝටලයක් බලන්න ගිය කලබැගැනියක් මුල් කරගෙනයි.කොහොම උනත් විවිධ විදියේ ආරංචි පලකරපු මාධ්‍ය වෙත ඔවුන් අපුරු පුවතක් වාර්තා කරා.ඒ පුවත් ඔවුන් මෙන්න මේ විදියටයි අපිට පැවසුවේ
ෙ“ඇත්තෙන්ම අපි දෙදෙනා ගැන මේ විදිහට පැතිර යන ආරංචිය සම්පූර්ණ බොරුවක්. මේනකගේ මවගේ 60 වැනි උපන් දිනය වෙනුවෙන් අපි පුංචි සාදයක් පවත්වන්න හෝටලයක් බලන්න ගියා.ඒ හින්දා තමයි මේ කට කතාව පැතිරුණේ නමුත් ඔයාලට අපි කියන්න තියෙන්නේ ළඟදීම දවසක අපි දෙදෙනා විවාහ වෙන බවයි.
Written by Cinema.lk A
