උදයකාන්තගෙන් පටාචාරා,සුගත්ගෙන් රාවණා
මහේන්ද්‍ර පෙරේරාගේ රංගනයෙන් හැඩ වු කොස්තාපල් පුඤ්ඤසෝම මේ දිනවල අතිසාර්ථක අයුරින් තිරගත වේ.උදයකාන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම සිනමාපටයට ලැබුණු අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් උදයකාන්ත තවත් සිනමාපටයක් කරන්න ලකලැස්ති වෙනවා ලු.මේ සිනමාපටයත් මේ දිනවල එක රැල්ලට එන ඓතිහාසික කතා ගොන්නේන එකක් වෙන පාටයි.මොකද උදයකාන්ත හදන්නේ පාටාචාරා ගැන චිත්‍රපටයක් ලු.
ඒ අනුව උදයකාන්තගේ පළමු ඓතිහාසික සිනමා පටය මෙය වේ. මෙහි පටාචාරා චරිතය සඳහා තවමත් රංගන ශිල්පිනියක් තෝරාගෙන නොමැති අතර එම චරිතය භාරදෙමින් තවත් අලුත් තාරකාවක් හෙළ සිනමාවට හඳුන්වාදීමට අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.පටාචාරා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. රන්දිය ඔසී ශ්‍රී ලංකා ෆිල්ම්ස් ආයතනය වෙනුවෙන් ලතා කුලරත්න මෙය නිෂ්පාදනය කරයි
ඒ වගේම විජය කුවේනී,තාමත් තිරගත නොවුනු “ඇහේළේපොල කුමාරිහාමි“ වගේ සිනමාපට හදපු සුගත් සමරකෝන් හා ගයාන් රණධීර යන දෙපලද තවත් චිත්‍රපටයකට අතගහලා.අනේද කියන්නේ මේකත් අර වට්ටෝරුවෙම කතාවක්.
එය මහා රාවණා රජුගේ ජීවිත කතාවේ සුවිශේෂී සන්ධිස්ථාන අළලා නිර්මාණය වන සිනමා සිතුවමකි. මහා රාවණා කතා පුවත ද නිෂ්පාදනය කරනුයේ ගයාන් රණධීර විසිනි.
මෙය ගයාන් ගේ සිව්වැනි සිනමා නිෂ්පාදනයයි. මේ වන විට මහා රාවණා හි තිරපිටපත සැකසෙමින් පවතියි. එහි පෙර නිෂ්පාදන කටයුතු ළඟදීම ඇරඹීමට නියමිතයි.
Written by Cinema.lk A

























