ගැලවී ගිය නිකිණි වැස්ස නිකිණි මාසයේම යළිත්

Avatar Cinema.lk A | August 8, 2013 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

නිකිණි වැස්ස කියන්නේ පසුගිය කාලයේ තිරගත වුනු චිත්‍රපට අතුරින් ඉහළින්ම වැජඹෙනා හොඳ සිනමා සිතුවමක්.මිනී එම්බාම් කරනා ස්ත්‍රියක් වටා ගොඩනැගුණු අපුරු කතා තේමාවකින් සන්නද්ධ මේ චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුවා.නිකිණි වැස්ස මෙරටින් පිටතදී ඒ ආකාරයෙන් බුහුමන් ලැබුවත් මෙරට ප්‍රදර්ශනය කරන කාල වකවානුවේදි නම් එයට හිමි වුයේ කුඩම්මාගේ සැලකිලියි.ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් කොළඹ සිනමා ශාලාවලත් ඉන් පිටත් මේ චිත්‍රපටය සාර්ථක අයුරින් තිරගත වෙද්දී එහි නිෂ්පාදකයන්ට සිනමාශාලා කිහිපයකින්ම නිකිණි වැස්ස ඉවත් කරගැනීමට සිදුවුනා.එනමුත් අවසානයේ මෙරට උසස් සිනමා රසවින්දනයක් හිමි ප්‍රේක්ෂක පිරිසකගේ දැඩි ඉල්ලීම පරිදි නැවතත් කොළඔ පිහිටි සිනමා ශාලා තුළ දර්ශන වාරයක් ලබා දීමට,බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ රීගල් සිනමා ශාලාවේ සවස 6.30 දර්ශනය නිකිණි වැස්ස සදහා වෙන්කර ඇති බවටත් ඉදිරියේ දී තවත් සිනමා ශාලා කිහිපයක්ම නිකිණි වැස්ස වෙනුවෙන් ලබාගන්නා බවටත් නිකිණි වැස්ස චිත්‍රපටයේ නිෂ්පාදක වෛද්‍ය කුසුම්සිරි ද සිල්වා මහතා cinema.lk වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.මෙතෙක් දවසක් අප හා දුරකතනයෙන් නිකිණි වැස්ස පිළිබද විමසු එම චිත්‍රපටය නැරඹීමට දැඩි ලෙස ඇලුම් කළ දහස් සංඛ්‍යාත රසික ජනතාවට මේ ආරංචිය සතුටුවීමට කාරණාවක් වනු ඇති බවට අපගේ විශ්වාසයයි.

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.