පබාට යන යන තැන සැලියුට්

Avatar Cinema.lk A | January 11, 2013 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ කැපි පෙනෙන චරිතයන් රැසක් නිරුපණය කළ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක්.ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවු ඇය චිත්‍රපටයන් කිහිපයක්ම සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා.ඒ අතරින් බෝම්බ හා රෝස,සින්ඩරෙල්ලා වැනි චිත්‍රපට මේ වසර තුළ තිරගත වීමට නියමිතයි.හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ උපේක්ෂාගේ කලා ජිවීතය ගැන නම් නෙවෙයි.මේ කතා කරන්නෙ ඇගේ දේශපාලන ජිවිතය ගැනයි.

කලා ලෝකයේ දී මෙන්ම දේශපාලන කරළියේදීද ඇය කැපී පෙනෙන ප්‍රභල චරිතයක්.වර්තමානයේ ඇය මන්ත්‍රීවරියක් වන නිසාවෙන් ඇයට කොයි කාගෙනුත් තියෙන්නේ ඉහළ පිළිගැනීමක්.ඒත් වර්තමානය එසේ වුවත් ඇය මේ ගමන ආරම්භ කරන විට කෙනෙහිලිකම් බොහෝමයකට මුහුණ දෙන්න සිදුවුණා.මේ සිදුවීමත් ඒ වගේ එකක්.උපේක්ෂා තමන්ගේ මැතිවරණ කටයුතු වල නිරත වන කාලයේ ඇයට සිදුවුණා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් වලට ගොස් ඒවා නිරික්ෂණය කරන්න.මේ සඳහා එම මධ්‍යස්ථානයක් වෙත ඇය යන අතරතුරේ දී එතැන උන් පොලිස් නිළධාරියෙකු ඇයව එතැනින් ඉවත් කිරීමට කටයුතු කරල තියෙන්නේ යම් තරමක් පරුෂ වචන ද භාවිතා කරමිනි.නමුත් අවසානයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වු වහාම උපේක්ෂා ජයග්‍රාහී නාම ලැයිස්තුවේ සිටින බව දැන ගත් පෙර කී නිළධාරීයා ඉන් පසුව ඇයට ඉතා කරුණාවෙන් සලකා තිබේ.මේ නිලධාරියාගේ කරුණාවේ තරම කොච්චර ද කියනවා නම් ඇය දකින දකින සෑම මොහොතකම ඇය ළගට අවුත් ආචාර කිරීමට මේ නිලධාරීයා අමතක කරලා නෑ.

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.