මුලින් සංඛාරා,පස්සේ කර්ම….දැන් 38 ශ්‍රී

Avatar Cinema.lk A | January 7, 2013 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

සංබාරා තුළින් සිනමා ජීවිතයට අත් පොත් තැබු ප්‍රසන්න ජයකොඩි නම් නිර්මාණකරුවා තමන් නිර්මාණය කළ පළමු නිර්මාණයෙන්ම සිය ප්‍රතිභාපූර්ණ කලා හැකියාව ගැන ජයග්‍රාහී මං සළකුණු ඇති කළ අති දක්ෂ සිනමා කරුවෙක්.ඔහුගේ දෙවෙනි සිනමා කෘතියෙන් තමන්ට සිනමාව පිළීබඳව ඇත්තේ වෙනමම කියවීමක් බව ප්‍රසන්න ලාංකේය සිනමා ලෝලීන්ට ඒත්තු ගන්වන ලදී.මේ කියන්නට යන්නේ ඔහුගේ තෙවැන්න ගැනයි…

38 ශ්‍රී යනුවෙන් නම් කොට ඇති එහි මුහුරත් උළෙල පසුගිය දා බොරැල්ලදී පැවැත්විණි.ඔහුගේ පෙර චිත්‍රපට මෙන්ම මේ චිත්‍රපටයේද සීමිත චරිත කිහිපයක් යොදා ගනිමින් තැනෙන්නකි.මේ චිත්‍රපටය සදහා ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ මහේන්ද්‍ර පෙරේරා විසිනුයි. ඉතා දීර්ඝ කාලයකට පසු රුක්මල් නිරෝෂ්ගේ රංගනය ඇතුළත් මෙහි සෙසු චරිත කිහිපය සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ සහ දයා තෙන්නකෝන් නිරූපනය කරති.

මෙහිඅධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ප්‍රසන්න ජයකොඩිගෙනි. චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. නුවන් සනුරංක කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත පද්මකුමාර නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද දායකත්වය ලැබෙන 38 ශ්‍රී , සුමුදු වෙල්ලාලගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. රංගන සිංහාරගේ සංස්කරණයෙන් එක්වෙයි. චමින්ද පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය.

ස්කයි එන්ටර්ටේනස්, ස්කයි ලැබ් එකියුප්මන්ට් ගැලරි සමඟ කොක්නිට්වට් ඊගල් 38 ශ්‍රී නිෂ්පාදනය කරයි.

Share

61 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.