ජනාධිපති රාජපක්ෂ Madras Cafe චිත්‍රපටයට මුදල් යෙදවූයේ නැහැ – ජෝන් ඒබ්‍රහම්

Avatar Cinema.lk | August 6, 2013 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

නුදුරේදී තිරගත වීමට නියමිත මැඩ්රාස් කැෆේ (Madras Cafe) බොලිවුඩ් චිත්‍රපටය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අයෝජනය කර ඇති බවට පැතිර යන කතා පුවත් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනප්‍රිය හින්දි නළු ජෝන් ඒබ්‍රහම් පවසයි.

“ චිත්‍රපටය සඳහා රාජපක්ෂ විසින් මුදල් යෙදවූ බව අසත්‍යයක්. මේ චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම වන්නේ Viacom 18 Motion Pictures සමාගමයි. එම නිෂ්පාදන සමාගමට හානියක් වන මේ අසත්‍ය ප්‍රකාශ සියල්ලක්ම අසත්‍ය බවත්, එම සමාගම හැරුණු කොට කිසිදු පුද්ගලයෙක් හෝ ආයතනයක් චික්‍රපටය වෙනුවෙන් මුදල් යොදවා නැති බවත් “ ජෝන් ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා සිටියා.

“මෙම චිත්‍රපටයේ අය වැය පිළිබඳව අප වඩාත් සැලකිල්ලක් දැක්වූවා. එමෙන්ම හැකි තරම් අවම වියදමකින් චිත්‍රපටය නිපදවීමටයි අපට අවශ්‍ය වූයේ. කිසිදු අයුරකින් ප්‍රමාණය ඉක්මවා වියදම් වීමක් සිදු වූයේ නැතැ“ යි ජෝන් වැඩිදුරටත් පවසා සිටියා.

90 දශකය මුල් භාගය තුලදී ලංකාව තුල සිදුවූ අභිරහස් මෙහෙයුම් පිළිබඳව කියැවෙන මෙම චිත්‍රපටය ෂූජිත් සර්කාර් (Shoojit Sircar) ගේ අධ්‍යක්ෂණයක්. Rockstar (රොක්සටාර්) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි Nargis Fakhri මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හා වැඩි විස්තර

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.