ප්‍රභාකරන්ගේ දුව රන්ජන් බැන්දා නම් ඉතිහාසේ වෙනස් වෙන්න තිබුණා

Avatar Cinema.lk A | August 14, 2013 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

හේමසිරි සේල්ලප්පෙරුම කියන්නේ ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන් අතර ඉන්න ප්‍රමුඛයෙක්.එතුමා මෙරට සිනමා ක්ෂ්‍රේත්‍රයට තරු ගණනාවක්ද දායාද කරපු දක්ෂ නිර්මාණශිල්පියෙක්. සත්වෙනි දවස – නොම්මර 17 – ලව් ඉන් බැංකොක් – මල්සර දෝණි – ඔක්කොම හොඳටයි ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ හේමසිරි අද ගත කරන්නේ බොහෝම සාමකාමී තනිකඩ ජීවිතයක්.මැතකදී පුවත් පත් සාකච්ඡාවකට පෙනී සිටි ඒ මහතා අතීත රසබර සිදුවීම් කිහිපයක් යළි සිහිපත් කරා.මෙසේ අදහස් දක්වන අතරතුරේ අපි කවුරුත් නොදත් විශ්වාස කිරීමට පවා නොහැකි දෙයක් ඔහු පවසා සිටියා.ප්‍රවීන නළුවෙකු වු රන්ජන් රාමනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දුව බඳින්න කැමැත්තෙන් සිටියාද කියා විමසා සිටි අවස්ථාවේ, ඔහු ඒ ගැන කියා සිටියේ මෙන්න මේ විදියටයි

“අනුරාධපුරේ ‘සිත්තම්පලම්’ හෝල් එකේ ඔපරේටර් තමයි ප්‍රභාගෙ මාමා. ඒ කාලෙ මගේ ‘සත්වෙනි දවස’ පෙන්නුවා. එතකොට හමුවුණ ප්‍රභා මට කිව්වා ඒ චිත්‍රපටයටයි, රවීන්ද්‍රගේ රඟපෑමටයි හරි කැමැති බව. පස්සේ කාලෙක රන්ජන් අර වගේ කතාවක් කිව්ව තමයි. ඒක එහෙම වුණා නම් ඉතිහාසයත් වෙනස් වෙන්න තිබුණා.

Share

77 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.