රන්ජා අනර්කලීව රිද්දයි

Avatar Cinema.lk A | May 28, 2013 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

රන්ජන් රාමනායක හා අනර්කලී ආකර්ෂා කියන්නේ සිනමා ලෝකයේ හිනි පෙත්තටම පැමිණි ජනප්‍රිය තරු යුගලක්.මොවුන්ගේ ජනප්‍රියත්වය කෙතරම්ද කියනවානම් ගිය වසරේ පැවති දෙරණ සිනමා සම්මාන රාත්‍රීයේ දී ජනප්‍රිය නළුවන් දෙපළ වුයේ මේ දෙදෙනායි.

පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය හරහා  දකින්න ලැබුණු මොවුන් දෙදෙනාගේ ප්‍රේමාන්විත රංඟනයන් ආයෙත් සැරයක් දැකගන්න ලැ‍බෙන්නේ නැති පාටයි.ප්‍රධාන පෙලේ සති අන්ත පුවත් පතක් වාර්තා කරන අන්දමට රන්ජන් රාමනායක,අනර්කලී සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කරමින් ලබාගත් අත්තිකාරම් මුදල පවා ආපසු ලබා දී තිබෙනවා.මේ විදියට රන්ජන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවක්.බර්මින් ලයිලි ප්‍රනාන්දු තමන්ගේ නවතම චිත්‍රපටය සඳහා ප්‍රධාන නළු නිලි යුවළ වශයෙන් තෝරාගෙන තිබු‍ණේ මේ දෙදෙනායි.මුහුරත් උළෙලේ දී ඇති වු පුංචි සිදුවීමක් තමයි මේ විරසකයට හේතුව.කාරණාව පුංචි එකක් වුනාට දෙන්නගේ හිතවත්කම නම් සැහෙන්න දුරට පලුදු වෙලා ඇති පාටයි.

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.