රන්ජන් නමරියන් වෙයි
අතිසාර්ථක වාණිජ චිත්‍රපට ත්‍රිත්වයක් වු පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට් වන්, ලීඩර් වැනි චිත්‍රපටයන් හි නිර්මාණකරුවා වු සුපිරි නළු රන්ජන් රාමනායක එවැනි තවත් සුපිරි වාණිජ චිත්‍රපටයකට අත ගසා ඇති බව අපට දැනගන්න ලැබුණා.සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වන මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘Dr. නමරියන් යනුවෙනි.මේ චිත්‍රපටයේ කතාව, දෙබස් හා තිර රචනයට අමතරව Dr. නමරියන්ගේ චරිතය නිරූපණය කරන්නේ ද රන්ජන් වීම විශේෂයක්.
විල්සන් කරු, සඳුන් විජේසිරි, රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, රජිත හිරාන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන ‘Dr. නමරියන්’හි සහාය අධ්‍යක්ෂණය කුමාරසිරි ද සිල්වාගෙනි.මෙහි කැමරාව මෙහෙයවනු ලබන්නේ ගාමිණී සිල්වා විසිනි.මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් වෙතිනි. සිංහල සිනමාවේ ළාබාලතම නිෂ්පාදකවරයා ලෙස වාර්තා පොතට එක් වන්නේ Dr. නමරියන් නිෂ්පාදනය කරනු ලබන සහන් අබේවර්ධනය. නිෂ්පාදන අධීක්ෂණය සිංහල සිනමාවට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් තිළිණ කළ සුනිල් ටී. ප්‍රනාන්දු ගෙනි.
Written by Cinema.lk A








