රන්මිහිතැන්න දැන් ලොවටම විවෘතයි

Avatar Cinema.lk A | March 8, 2013 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

දේශීය, විදේශීය චිත්‍රපට, ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන නිර්මාණකරුවන්ට, සිනමාවේදීන්ට සහ මේ ආශ්‍රිත කර්මාන්තයේ නිරත කලාකරුවනට තම කටයුතු ඉතා පහසුවෙන් සිදුකර ගැනීමේ අටියෙන් රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා ගම්මානය තම තාක්ෂණික මංපෙත් ඉතා පුළුල් අයුරින් විවර කර දී තිබෙනවා.

රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා ගම්මානය ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙමින් අන්තර් ජාල වෙබ් අඩවිය පසුගියදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කරන ලද්දේ එහි මූලික පියවරක් වශයෙනි

www.ranmihithanna.lk ලෙස නම් කළ මෙම වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදා හැරිමේ මොහොත සඳහා ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා, උදිත ලොකු බණ්ඩාර, මනූෂ නානායක්කාර, ශ්‍රී රංගා, සජිත් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් චරිත හේරත් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූණා.

ලොව දියුණු හා සිනමා කර්මාන්තය දියුණු රටවල සිනමාවේදීන්ට ඉතා ඉහළ පහසුකම් සපයනු ලැබේ. එය උසස් නිර්මාණ බිහිවීමට ලබාදෙන විශාල දිරියකි. ඒ අනුව යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කැරිණි.

වසර 2010 මාර්තු 30 වැනිදා මෙහි කටයුතු ඇරඹි අතර අක්කර 235ක භූමියක විවිධ දර්ශන තල ඉදි කැර තිබේ. ඒ අනුව ඒවා භාවිතා කොට නිර්මාණකරුවන්ට උසස් සිනමා නිර්මාණ බිහි කිරීමට ඉඩ කඩ සැලැසීම රජයේ බලාපොරොත්තුව වී තිබේ.ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna ranmihithanna

Share

127 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.