කත්‍රිනාගෙන් පස්සේ ඉයුලියා
බොලිවුඩයේ ඉන්න සුපිරි නළුවන්,නිළියන්ගේ ආදර සම්බන්ධතා ගැන දැනගන්න මිනිසුන් තුළ තියෙන්නේ පුදුමාකාර ආසාවක්.කාලෙන් කාලේට ඇඳුම් පැලඳුම් මාරු කරනවා වාගේ වෙනස් වෙන මේ තාවකාලික ප්‍රේම සම්බන්ධතා වලින් සාර්ථක වෙලා තියෙන්නේ බෝහෝම ටික දෙනෙක්ගේ ප්‍රේමාන්දර විතරයි.සල්මන් කාන් කියන්නෙත් ඒ විදියට කාලෙන් කාලේට ප්‍රේමසම්බන්ධතා අලුත් කරගන්නා දඩබ්බර චරිතයක්.තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන මේ සුපිරි නළුවාගේ පෙම්වතියන් වී සිටි අය කවුරුන් දැයි බොහෝ දෙනෙකු දන්නවා.
ඔවුන් තමයි, ඉන්දියාවේ හිටපු රූ රැජනක වූ සංගීතා බිජ්ලානි, ලෝක රූ රැජන ඓශ්වර්යා රායි, ජනප්‍රිය නිළියන් වන සොමි ආලි සහ කට්රිනා කායිෆ්. මේ අයගෙන් සමහරු, සල්මන් සමඟ විවාහ වන්නට සූදානමින් සිටියා. ඒත් ඒ ආදර කතා විවාහයෙන් කෙළවර වුණේ නැහැ. සියල්ල ම නිමාවට පත්වුණේ විරසක වීම් වලින්.
කත්‍රිනා සමඟ තිබුණු ප්‍රේම සම්බන්ධය නවතා දැමු පසු සල්මන් ටික කාලයක් තනිකඩව සිටියා.ඒත් ආයිමත් සල්මන් ගේ හිත තවත් රූමතියක් ළඟ නැවතිලා.ඇය ඉන්දියානු යුවතියක් නම් නෙවෙයි. රුමේනියාවේ රූපවාහිනී නිළියක මෙන්ම නිවේදිකාවක වු ඇගේ නම ඉයුලියා වැන්ටර්.බොලිවුඩයෙන් ඇහෙන කටකතා වලට අනුව සල්මන් – ඉයුලියා පෙම් කතාව ඇරඹී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරයි
මේ වනවිට ඉයුලියා රැඳී සිටින්නේ මුම්බායි නුවර. මෑතකදී මේ දෙදෙනා මුම්බායි නගරයේ සුපිරි හෝටලයකදී මුණ ගැසී සුපිරි කෑම වේලක රස බලමින් කතා බහ කරන අයුරු බොහෝ දෙනෙකු දැක තිබෙනවා.අලුත් ම ආරංචිවලට අනුව පැවසෙන්නේ ඉයුලියා තම ජීවන සහකාරිය කරගන්නට සල්මන් තීරණය කර ඇති බවයි. මේ බවත් සල්මන් නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. ඉයුලියා ගැන පවා කිසිවක් මෙතෙක් පවසා නැහැ.
Written by Cinema.lk A






