සැමිගේ කතාව හෙට සිට රීගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ

Avatar Cinema.lk A | February 27, 2014 184 Views 0 Likes 0 Ratings

184 Views 0 Ratings Rate it

අැමෙරිකාවේ නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස ජගත් චමිල නම් රංඟධරයා සම්මානයට පාත්‍ර කරන්න සමත් වු ,කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සෑම්ස් ස්ටෝරි නම් සම්මානනීය නවකතාව ඇසුරෙන් නිර්මාණය වු සැමිගේ කතාව හෙට දිනයේ (28) පටන් රීගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වීමට නියමිතය

ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ සැමීගේ කතාව සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු බොහෝ නළුනිළි කැලකගෙන් හැඩ වු සිනමා පටයකි

සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද, සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කොස්තා කැමරාකරණයෙන් ද, වෙළේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන් ද, හේමන්ත ගමගේ අංග රචනයෙන් ද සැමීගේ කතාව සඳහා එකතු වී තිබේ.

2012-sams-story-still-14bkm

Share

184 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.