ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයෙන් පසු සමනල සංධ්වනිය
උසස් වින්දනීය නිර්මාණ බිහිකරන අති දක්ෂ නිර්මාණ කරුවන් අතරින් ජයන්ත චන්ද්‍රසිරිනම් මහා නිර්මාකරුවාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්.තමන් කරන්නාවු නිර්මාණය ටෙලි නිර්මාණයක් වුවත් සිනමා කෘතියක් වුනත් ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ නිර්මාණ තුළින් නිතරම පාහේ කතා කරේ අමුතුම ආකාරයේ කතාන්දරයන්ය.වෙද හාමිනේ,දඩුබස්නාමානය,අකාල සන්ධ්‍යා නම් වු පුංචි තිරයේ දිග හැරුණු නිර්මාණත් අග්නිදාහය,ගරිල්ලා මාකටින් වැනි නිර්මාණ වෙනස් ආකාරයේ කතා තේමාවන් ගෙන් සන්නද්ධ වීම තුළින් ඒ බැව් මොනවට කියා පායි.මෙවර ඔහු අත ගසා ඇත්තේද එවැන් වු තවත් වින්දනීය නිර්මාණයක් එළි දැක් වීමටයි.
සමනල සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිතුවම වු මෙය මේ වන විට සියලු වැඩ කටයුතු අවසන් කර තිරගත කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් තිබේ.E.A.P මණ්ඩලයේ මේ වන විට තිරගත වන ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටයෙන් පසුව මෙම සිනමා පටය තිරගත කිරීමට දැනටමත් එහි සංවිධායකින් පියවර ගෙන තිබෙනවා.
යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, ගාමිණී ජයලත්, උද්දික ප්‍රේමරත්න, විල්සන් ගුණරත්න, දිමුතු චින්තක ඇතුළු නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ මෙම චිත්‍රපටය රූසිනේ ක්‍රියේෂන් වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයකි. රුවන්, මාතා චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයෙකි
කැමරාව රුවන් කොස්තා මෙහෙයවයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයකි. සමනල සංධ්වනිය නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූගත කර ඇත.
Written by Cinema.lk A
