ශාරුක්ගේ සික්ස් පැක් එක ඇත්තම එකක් ද?
අපි දන්න බොලිවුඩයේ ඉන්න හැම කාන් කෙනෙකුටම දැන් පනහත් පැනලාය.වයසට ගියත් මේ උන්දලා කරන්නේ කොලු වැඩමයි.තමන්ගේ ශරිරයේ හැඩය ගැන ඕනවටත් වඩා සැලකිලිමත් වෙන මේ අය කෙටි කලකින් සික්ස් පැක් හදාගන්න කරන්නේ පුදුම සෙල්ලමක්.ගජිනි සිනමාපටයෙන් පුදුමාකාර විදියේ හැඩති සිරුරක් ලබාගත් අමීර්,අනෙත් කාන්ලාට පුංචි පහරක් ගැසුවේ තමන් තවමත් තරුණ කඩවසම් තරුණයෙක් යැයි ඒත්තු ගැන්වීමටය.මෙයින් කිපිනු සල්මාන් ද ඉන්පසුව නිර්මාණය වු ඩබාන්ග් දෙවැනි චිත්‍රපටයට උඩුකය නිරුවත් සටනක් ඇතුලත් කළේ අමීර්ගේ අභියෝගය බාර ගැනීමට වාගේයි.රැලි වැටුණු බඩක් ඇති සල්මාන් මෙතරම් ඉක්මනට සික්පැක් සාදා ගත්තේ කොහොමදැයි ඇසු මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ එය දෘශ්‍යප්‍රයෝග වලින් සාදා ගත් ඇගක් බවයි.ශාරුක් ද මින් පෙර තිරගත වු ඕම් ශාන්ති ඕම් හා රාවන් සිනමාපට සඳහා අපුරු සික්ස් පැක් සහිත සිරුරකින් පෙනී සිටියද මේ සඳහා හොඳ ඉල්ලුමක් සාදා ගැනීමට නොහැකි වුනේ එයත් සල්මාන්ගේ ඇඟ වගේ ප්‍රෝඩාවක් විය හැකි නිසයි.නමුත් පහුගිය දවසක තිරගත කිරීම් ඇරඹුණු ශාරුක්ගේ නවතම සිනමාපටය වු හැපි නිව් ඉයර් සදහා ඔහු නැවතත් ඒ අයුරින් පෙනී සිටියේය.පෙර මෙන් නොව පිරිපුන් මස් පිඩු වලින් සැරසුණු ඔහුගේ උඩුකය ඡායාරුවක් තම ෆේස් බුක් අඩවියේ පළකළ ශාරුක් සදහන් කර තිබුණේ මෙය විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් බවයි.කොහොම වුනත් මේ සික්ස් පැක් එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා තාමත් කවුරුත් කිසිම සදහනක් කරලා නැ.
හැපි නිව් ඉයර් පුර්වප්‍රචාරක පටය
Written by Cinema.lk A




