රැවුලක් හින්දා ශ්‍රියන්තට අවුලක් වෙලා

Avatar Cinema.lk A | September 11, 2013 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

අනගාරික ධර්මපාල තුමාගේ ජිවිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න යන වග අප පසුගිය දා cinema.lk හරහා අනාවරණය කර සිටියා.මේ චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ චරිතය සඳහා මෙරට සිටින ප්‍රවීණ රංඟධරයෙකු වු පාලිත සිල්වා නම් කලාකරුවා දැනට තෝරාගෙන සිටිමුත් මේ කාර්යය මුලදී පැවරුණේ ශ්‍රියන්ත මෙන්ඩිස් නම් රංඟන ශිල්පියාටයි.අවසනාවන්ත ලෙස මේ අවස්ථාව ශ්‍රියන්තගෙන් ගිලිහි ගියේ ඔහුගේ රැවුල නිසයි.අප දන්නා පරිදි අනගාරික ධර්මපාල තුමන්ට මුල් කාලයේ රැවුලක් තිබුණත් එතුමන්ගේ ජාතික ව්‍යාපාරයන් වල ආරම්භයත් සමඟ එතුමා ජීවිතයේ වැඩි හරියක්ම ගෙවා තියෙන්නේ රැවුල නොමැතිවයි.ඉතින් මේ චිත්‍රපටයේ තිරපිටපතේද මෙකි දර්ශන වැඩිහරියක් තිබෙන නිසා ශ්‍රියන්තටත් සිදුවෙලා තිවෙනවා ඔහුගේ රැවුල කපා දමන්න.

නමුත් චිත්‍රපටය ලැබීමට පෙර ලැබුණු ටෙලි නිර්මාණයන් දෙකක් සඳහා ශ්‍රියන්තගේ ස්වාභාවික රැවුල අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා.මෙ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මේ චිත්‍රපටය අනගාරික ධර්මපාල තුමන්ගේ සැමරුම් දිනයට ප්‍රදර්ශනය කිරීමට දැඩි අවශ්‍යතාවයක් පැවතුණ නිසා ශ්‍රියන්ත හා කතා බහ කර මේ චරිතය පාලිතට ලබා දෙන්න තිරණය කරලා තියෙනවා.චරිතය අහිමි වී යාම සම්බන්ධයෙන් තමන්ට පුංචි දුකක් තිබුණත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමඟ තමන් කිසිදු අමනාපයක් නොමැති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රියන්ත පවසා සිටියේ

Share

49 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.